නළුවන්ගෙන් තවම ආදර යෝජනා ආවේ නැහැ, ගොඩක්‌ නිළියන්ට වුණ දේ මට වෙන්නේ නෑ – දිනූෂා සිරිවර්ධන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 6, 2017

නළුවන්ගෙන් තවම ආදර යෝජනා ආවේ නැහැ, ගොඩක්‌ නිළියන්ට වුණ දේ මට වෙන්නේ නෑ – දිනූෂා සිරිවර්ධන


පුංචි තිරයෙන් රසිකයින් අතරට ආපු දිනූෂා සිරිවර්ධන ගැන දැන් හුඟක් අය දන්නවා. ඉතිං ඇයගේ අලුත්ම විස්තර ගැන හොයලා බලන්න අපි හිතුවා.

මොනවද අලුත්ම විස්තර..?
මේ දවස්වල රංගන කටයුතු සිදුකරගෙන යනවා. රංගනයට අමතරව මම මොඩ්ල් කරනවා. හැබැයි බ්‍රයිඩ්ල් විතරයි.


දිනූෂා එතකොට අධ්‍යාපන කටයුතු හමාර කරලද ඉන්නෙ ?
ඔව් මගේ ඉගෙනීමේ කටයුතු නම් අවසන්. ඒත් අදහසක්‌ තියෙනවා රංගනය ගැන තවදුරටත් ඉගෙනගන්න.


මොකද එකපාරටම රඟපාන්න එන්න හිතුනේ ?
මම මීට කලින් නම් ගොඩක්‌ම අකමැතියි රඟපාන්න. ඒත් පස්‌සෙ කාලෙක හිතුන රඟපාන එක වරදක්‌ නෙවෙයි කියලා.


මුලින්ම රඟපෑවෙ ?
මම මුලින්ම රඟපෑවෙ කමර්ෂල් එකක. ඒ මං පොඩි කාලේ. තාත්ත තමයි මාව රංගනයට යොමු කළේ. ඊට පස්‌සෙ මාගෙ අක්‌ක මට උදව් කළා ගොඩක්‌ මට මේ තැනට එන්න.


දිනූෂට වාසනාව ගෙනාවෙ නළ දත නේද ?
ඒකත් එක සාධකයක්‌ වෙන්න ඇති. හැමෝටමත් එහෙම නෑනෙ නේද ? ඒ වුණා කියල අමාරුයි. දක්‌ෂතාවයත් අනිවාර්යෙන් තිබිය යුතුයි.


මෙච්චර රංගනයට අකමැත්තෙන් ඉඳපු කෙනා මොකද එකපාරටම රංගනයට එන්න හිතුණේ ?
එහෙම විශේෂත්වයක්‌ නෑ ඉතිං. පස්‌සෙ කාලෙක හිතුණා රංගනය හොඳයි කියල. මට තාම හොඳටම රඟපාන්න පුළුවන් කියල මම හිතන්නෙ නැහැ. තාම මම අලුත්. ඉගෙනගන්න මට තව ගොඩක්‌ දේවල් තියෙනවා.


දිනූෂගෙ හෙවනැල්ල කව්ද ?
මගේ අම්ම තමයි හෙවනැල්ලක්‌ වගේ මට ඉන්නේ. මගෙ අක්‌කත් ඒ වගේමයි.


මුලින්ම කැමරාව ඉදිරියේ රඟපාද්දි බයක්‌ දැණුනේ නැද්ද ?
මොඩ්ල් කරන නිසා කැමරාව මට නුහුරු දෙයක්‌ නෙවෙයි. ඒත් දෙබස්‌ අමතක වෙයි කියල තමයි ගොඩක්‌ම බයවුණේ.


අත්දැකීම් බහුල රංගන ශිල්පීන් එක්‌ක රඟපාද්දි?
පොඩි බයක්‌ තිබුණා. ඒත් වරදින හැම වෙලාවකදීම ශාන්ත අයියා, විශ්ව අයියා, නිපුනිකා, වත්සලා, චමිලා අක්‌කලා මට මෙහෙම කරමු නංගි මේ විදියට කරන්න කියලා ආදරෙන් කියලා දෙනවා. ඒක නිසා බයක්‌ දැනුණේ නෑ.


රංගනයට එන්න ඕන නිසාද මොඩ්ල් කරන්න හිතුණේ ?
මොඩ්ල් කළේ ආසාවට. රඟපාන්න ඉතිං ඉස්‌සර ඉඳන් ගොඩදෙනෙක්‌ කතා කළා. ඒත් මම කැමැති වුණේ නැහැ. පස්‌සෙ හිතුණා රඟපාන්න. දැන් දෙකම සමබරව කරගෙන යනවා.


එහෙම ආපු ගොඩක්‌ නිළියෝ අද හොයාගන්නවත් නෑ. දිනූෂටත් ඒකම වෙයිද ?
එහෙම වෙන එකක්‌ නැහැ. මට ගැලපෙන චරිතයක්‌ අවොත් කරනවා. ඕනවට වඩා දඟලන්නෙ නැතුව පාඩුවෙ වැඩේ හරියට කරනවනන් එහෙම වෙන්නෙ නෑ කියලයි මම හිතන්නෙ. එක දෙයක්‌ හරි හරියට කරන එකයි වැදගත්.


ඔහොම කිව්වට විවාහයෙන් පස්‌සෙ මහත්තය කිව්වොත් රඟපාන්න එපා කියලා ?
එහෙම කෙනෙක්‌ මැරි කරල වැඩක්‌ නෑ. මාව හොඳින් තේරුම්ගත්ත කෙනෙක්‌ තමයි මං මැරි කරන්නේ. දෙන්න හොඳින් තේරුම් අරගෙන ඉන්නවනන් එහෙම වෙන්නෙ නෑ. මටත් එහෙම වෙන එකක්‌ නැතිවෙයි.


පෙම්වතෙක්‌ ඉන්නවද දැන් ?
ඒ ප්‍රශ්නේ අතාරිමු නේද


ක්‍ෂේත්‍රයේ නළුවන්ගෙන් එහෙම ආදර යෝජනා ආවෙ නැද්ද ?
අයියෝ … තාමනං නෑ.


No comments:

Post a Comment

Post Bottom Ad