හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂගේ හිත ගන්න පෙම්වතිය ගැන මුල්වරට හෙළි කරයි – Photos - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 6, 2017

හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂගේ හිත ගන්න පෙම්වතිය ගැන මුල්වරට හෙළි කරයි – Photos



නාමල් රාජපක්ෂ කිව්වම දේශපාලන චරිතයක් මතයකට ආවට දැන් රඟපෑම ගැනත් මතක් වෙනවා. ඒකට හේතුව තමයි පසුගිය දවසක රෝහිත රාජපක්ෂගේ මියුසික් වීඩියෝවකට රංඟනයෙන් දායක වීම නිසා. මේ දේවල් ගැනත් විවාහය ගැනත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා සති අන්ත පුවත්පතකට මෙලෙස අදහස් දක්වා තිබුණා. ඔහුු එහිදී විශේෂයෙන්ම පවසා තිබුණේ තමන් විවාහ වෙන්න කැමති ඔහු හිරේ විලංගු වැටුණට කමක්නැති, උසාවිවල, පොලීසිවල කටඋත්තර දෙන්න බය නැති ගෑනු ළමයෙකුට බවයි.

මන්ත්‍රීතුමා හිටපු ගමන් රඟපාන්න හිතුණේ දේශපාලන වැඩවලින් පොඩ්ඩක් හරි විවේකයක් ගන්න හිතිලද?
ඇත්තටම මගේ හිතේ කොතනකවත් රඟපාන්න අදහසක් තිබුණේ නෑ. මේ අහම්බෙන් වගේ වෙච්චි දෙයක්. එදා මල්ලි නුවරඑළිය ගිය වෙලාවේ මටත් අඬගැහුවා අයියා යමුද කියලා. ඒ වෙනකොට අම්මා හිටියේ තංගල්ලේ. තාත්තා ලංකාවේ හිටියේ නෑ. ඉතින් මල්ලිගේ තනියටත් එක්ක මටත් හිතුණා යන්න ඕනෙ කියලා. ඉතින් මල්ලිගෙ තනියට ගියපු ගමන් තමයි මේ. ඒ වෙලාවේ මල්ලියි මල්ලිගේ ගර්ල් ෆ්රෙන්ඩුයි එතන හිටපු අනිත් හැමෝමයි කිව්වා දැන් ඉතින් මෙච්චර දුර ආපු එකේ රඟපාමු කියලා. ඊට පස්සේ ඉතින් මටත් හිතුණා අපේ තාත්තත් ඉස්සර මේවගේ දේවල් කරලා තියෙන නිසා මටත් පුළුවන් වෙයි කියලා. ඒ විදියට තමයි මේක බාර අරගෙන කළේ.


මීට ඉස්සර රඟපාලා තියෙනවද?
නෑ…නෑ… මම ඉස්කෝලෙවත් වේදිකා නාට්‍යකවත් රඟපාලා නෑ. කැමරාව ඉතින් අපිට අමුතු දෙයක් නෙවෙයි. කොහේ ගියත් කැමරාව අපේ පැත්තටනේ තියෙන්නෙ. හැබැයි ඉතින් අපි කැමරාව පැත්තට හැරෙන පළවෙනි පාර තමයි මේ. මේක මගේ පළවෙනි අත්දැකීම.


සින්දුව ගැනත් පොඩ්ඩක් කියමුකෝ… කවුද ලීවේ…කවුද මියුසික් කළේ… video එක කාගේ concept එකක්ද?
මේ වීඩියෝ එක මල්ලී තමයි ලෑස්ති කරගෙන තිබුණේ. ඒ සින්දුවේ අදහස් මල්ලි තමයි ඉදිරිපත් කරලා ලියලා තිබුණේ. සින්දුවත් ලස්සනයි. ඉතින් මම බැලුවා සින්දුවත් ලස්සන එකේ මොකක්හරි දෙයක් කරන්න ඕනෙ කියලා.


නුවරඑළිය යන්නට කලින් මේ වගේ ගීතයක්, මේ වගේ විෂුවල් එකක් කරන්නේ කියලා මන්ත්‍රීතුමා දැනගෙන හිටියද?
ඔව්… සින්දුව හදන කාලෙදි මල්ලි ඒ ගැන කියලා තිබුණේ. ඒ දවස්වලම මල්ලි ගෙදරදි අපිත් එක්ක ඒ ගැන කතා වෙනවා. අපෙනුත් අදහස් අහනවා. හැබැයි මේ සින්දුවට වීඩියෝ එකක් කරනවා කිව්වට අදහස මොකද්ද කියලා හරියටම දැනගෙන හිටියේ නෑ. ඉතින් නුවරඑළියට ගියාට පස්සේ තමයි ඒ දේ හරියටම මම දැනගත්තේ.


ඔබත් එකක් රඟපාන අර ලස්සන ගෑනු ළමයා කවුද?
ඒ නංගිත් එදා ඇවිත් හිටියා. ඊට කලින් මම ඒ නංගිව දැනගෙන හිටියේ නෑ. එදා තමයි මම එයාව අඳුරගත්තෙ.


දැන් ඒ ගෑනු ළමයා මන්ත්‍රීතුමාගේ හොඳ මිතුරියක් වෙන්න ඇති…?
ඔව්… දැන් ඉතින් අපි කතාබහ කරනවා. ඒකට ගෑනු ළමයි දෙන්නෙක් හිටියනෙ. තිළිණි නංගියි, ත්‍රිෂාලා නංගියි. ඉතින් දැන් ඒ දෙන්නත් එක්කම මම කතා කරනවා. තාත්තත් රඟපෑව නිසා මටත් හිතුණා රඟපාලා බලන්න.


දවස් කීයක් ගියාද වීඩියෝ එක මියුසික් කරන්න?
වීඩියෝ එකම කරන්න කොහොමටත් දවස් තුනක් විතර ගිහිල්ලා තිබුණා. හැබැයි මමනම් හිටියේ එක දවසයි. ඒ හිටපු දවසෙම තමයි හැමෝම රඟපාන්න රඟපාන්න කියලා… මගෙත් ආසාවක් ඇතිවෙලා. ඕකට සම්බන්ධ වුණේ මල්ලිගේ තනියට ගිහින් මම මගේ කොටස රඟපාලා ආවා. ඒක රූගත කිරීම් කළේ නුවරඑළියේ. ඉතින් නුවරඑළියෙ ඉදන් තංගල්ලට එන්න ළඟ නිසා මම දවසක් ඉඳලා ආවා.


ඔබ රඟපාද්දි වැරදුණු තැන් එහෙම නැද්ද?
අම්මෝ… හැම තැනක්ම වගේ වැරදුණා. මේක ඉතින් මගෙ පළවෙනි අත්දැකීමනෙ. මුල් ටි‍කේදි එක දිගට කීප සැරයක්ම වැරදුණා. සමහර වැරදුණු තැන් ගැන හිතද්දි තාමත් හිනා. ඒ වෙලාවට ඉතින් හැමෝම හිනා වෙනවා. ඉතින් පහු පහු වෙද්දී ඒ දේ පුරැදු වුණාට පස්සෙ එකෙන් දෙකෙන් හරි ගියපු තැනුත් තිබුණා.


අම්මයි තාත්තයි වීඩියෝ එක බලලා මොකද කිව්වේ?
අම්මයි තාත්තයි වීඩියෝ එක බලලා හිනාවුණා. හොඳයිම කිව්වෙත් නෑ. නරකයිම කිව්වෙත් නෑ. කොහොමටත් කිසිම දවසක අම්මයි තාත්තයි මගෙයි මල්ලිලා දෙන්නගෙයි ජීවිතවලට අනවශ්‍ය නීති රීති දාන්නෙ නෑ. අපිව කිසිම දේකට කොටු කරන්නේ නෑ. ඉස්කොලේ යන කාලේදි වුණත් මේක ඔයාලා කරන්නම ඕනේ… මේක කරන්න එපා කියලා කිසිම දේකට කියලා නෑ. අදටත් එහෙමයි. ඉතින් මල්ලිට සින්දු කියන්න ඔනෙ කිව්වම ඒ දෙන්නා ඒකට ඉඩ දුන්නා. මම විෂුවල් එකක් රඟපෑවට පස්සෙත් අම්මයි තාත්තයි නරකක් කිව්වෙ නෑ.


පාර්ලිමේන්තුවෙ කට්ටියගෙන් එහෙම ලැබිච්චි විශේෂ ප්‍රතිචාර නැද්ද…? එයාලා මොකද කිව්වේ?
පහුගිය කාලෙම බොහෝ දෙනෙක් අපිව දැක්කේ දේශපාලන මුහුණුවරකින්නෙ. ඉතින් මේක ඊටවඩා වෙනස්ම දෙයක්. අනික කවුරුවත් හිතුවෙ නෑ මම මේ වගේ දේකට සම්බන්ධ වෙයි කියලා. කවුරු තියා මමවත් හිතුවෙ නැහැනේ මම මෙහෙම සින්දුවක හරි රඟපාවි කියලා. ඉතින් පාර්ලිමේන්තුවේදී බොහෝ දෙනෙක් සතුටු වුණා. ඒ ගැන කතා වුණා. හැබැයි ඒ අතර මේ ගැන සමහරුන්ට කලකිරීමකුත් ඇතිවෙන්න ඇති. මොකද සමහරු හිතාගෙන ඉන්නේ දැන් අපි අඬ අඬා ඉන්නෝනෙ කියලයි. සමහරු හිතන්නෙ දැන් අපේ විනාශ වෙලා ඉවරයි කියලනේ. එහෙම හිතපු අයට මේ වීඩියෝ එක ගැන අහලා දුකකුත් හිතෙන්න ඇති. අපි හිනාවෙලා ඉන්නවා දකිද්දි.


යාළුවෝ මොකද කිව්වේ?
යාළුවොන්ටත් හිනා ඉතින්… මම මෙහෙම විෂුවල් එකක ඉන්නවා කිව්වහම. එයාලටත් පුදුම ඇති. ඉස්කෝලෙදිත් රඟනොපාපු මම මෙහෙම විෂුවල් එකක රඟපාද්දි නේද?


මන්ත්‍රීතුමනි… මල්ලි දැන් අයියට දිගටම අඬගහයිද දන්නේ නෑ මල්ලිගේ සින්දුවලට?
ඒකනම් කියන්න දන්නේ නෑ. හැබැයි එකම කෙනෙක් ඒ හැම එකටම ඉඳිද්දි ඒක හරි නැහැනෙ නේද…?


එතකොට වෙන ගායකයෙක් හරි ගායිකාවක් හරි කතාකළොත් ඒ මියුසික් වීඩියෝවලට රඟපාන්න යනවද?
ආරාධනා කළොත් ඉතින් කල්පනා කරලා බලනවා. හැබැයි ඉතින් වෙලාවේ හැටියට තමයි. රඟපෑම කියන්නේ මගේ වෘත්තිය නෙවෙයිනෙ. ඒක මම මල්ලි නිසා කළේ. ඉතින් ආයෙ කරනවද නැද්ද කියල කල්පනා කරලා බලන්න ඕනේ.


හුඟක් දෙනෙක් කියනවා නාමල් රාජපක්ෂ විවාහ වෙන්නත් දැන් කාලේ හරියි කියලා. එහෙම අදහසක් නැද්ද තාම?
අපෝ අදහසක් තියෙනවා. හැබැයි තවම මට විවාහ වෙන්න කෙනෙක් මුණගැහිලා නෑ.


කොයිවගේ කෙනෙක් එක්කද විවාහ වෙන්න කැමති?
දැන් මේ තියෙන තත්ත්වයත් එක්ක මම දැන් විවාහ වෙන්න කැමති මම හිරේ විලංගු වැටුණට කමක්නැති, උසාවිවල, පොලීසිවල කටඋත්තර දෙන්න බය නැති ගෑනු ළමයෙක් තමයි මේ යන දේශපාලන වටපිටාවත් එක්ක විවාහ හරි යන්නේ.


දේශපාලන පවුලකින්ම විවාහයක් කරගනියිද…?
එහෙමනම් ඉතින් තව නඩුවක් තමයි දාගන්න වෙන්නේ. මට තියෙන මේ නඩුවල හැටියට තව නඩුවක් බැඳගන්න බෑ.


No comments:

Post a Comment

Post Bottom Ad