කොහුවල මල්වත්ත පාරේ ගණිකා නිවස වටලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 23, 2017

කොහුවල මල්වත්ත පාරේ ගණිකා නිවස වටලයි

කොහුවල මල්වත්ත පාරේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථානයක්‌ මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්‌ වැටලූ කොහුවල පොලිසියේ නිලධාරීහු එහි කළමනාකරු සහ ගණිකා වෘතියේ නියෑලුණු කතුන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ස්‌ථානය බලපත්‍රයක්‌ නොමැතිව පවත්වාගෙන ගිය එකක්‌ බව හෙළිවිනැයි පොලිසිය කියයි. 

අත්අඩංගුවට පත් කතුන් කිරිඳිවැල, මහියංගණය, කැකිරාව යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 23, 26 යන වයස්‌වල පසුවන්නියන් බවද පොලිසිය කියයි. ගණිකා ඇසුර පතා පැමිණෙන අයකුගෙන් රුපියල් දෙදහසේ සිට ඉහළට අයකර ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි. මෙම ගණිකා ඇසුර පතා රජයේ රැකියා කරන අයවළුන් මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා කරන්නන්ද පැමිණ ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad