විජයදාසගේ තීන්දුව හකුලා ගනී? මහා සංඝරත්නය හදිසියේ රැස්වෙයි - විශේෂ ප්‍රකාශයක්‌ අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 23, 2017

විජයදාසගේ තීන්දුව හකුලා ගනී? මහා සංඝරත්නය හදිසියේ රැස්වෙයි - විශේෂ ප්‍රකාශයක්‌ අද

අධිකරණ හා බුද්ධශාසන ඇමති විජයදාස රාජපක්‍ෂ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය ගෙන ඇති තීරණයට එරෙහිව ගත හැකි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ෙත්‍රෙනිකායික හිමිවරු අද (23) විශේෂ සාකච්ඡාවක නිරතවන බව යාපාපටුන ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරී, යාපනය නාග විහාරයේ විහාරාධිකාරී දියමයිලගස්‌වැව අරියකිත්ති හිමියෝ පැවසූහ.

විජයදාස රාජපක්‍ෂ මහතාගෙන් ශාසනයට හා රටට සිදුව ඇති සේවාව තවදුරටත් අවශ්‍ය බව මහා සංඝරත්නයේ අදහස බවද එහෙයින් මෙම විශේෂ සාකච්ඡාව සූදානම් කළ බවද උන්වහන්සේ පෙන්වා දුන්හ. සාකච්ඡාව සිදුවන ස්‌ථානය පිළිබඳ තොරතුරු ලබාදිය නොහැකි බවත් සාකච්ඡාවෙන් පසු විශේෂ ප්‍රකාශයක්‌ සිදුකිරීමට නියමිත බවත් අරියකිත්ති හිමියෝ පැවසූහ. මෙම විශේෂ සාකච්ඡාවට ත්‍රෙනිකාය නියෝජනය කරමින් ගරුතර මහා සංඝරත්නය එක්‌වන බවද උන්වහන්සේ පැවසූහ.

කෙසේවෙතත් විජයදාස රාජපක්‌ෂ මහතා දරන කැබිනට්‌ අමාත්‍යධුරවලින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එක්‌සත් ජාතික පක්‌ෂ නායකත්වය විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිඛිතව දන්වා තිබේ. එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩල තීරණයට යටත් නොවී, රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් තවදුරටත් ඇමැති ධුරයේ කටයුතු කරන බැවින් විජයදාස රාජපක්‌ෂ මහතා ඉවත් කරන ලෙස එක්‌සත් ජාතික පක්‌ෂය ජනාධිපතිවරයාට දැන්වූ බව විශේෂ නිවේදනයක්‌ද නිකුත් කරමින් එජාප මහ ලේකම් ඇමැති කබීර් හෂීම් මහතා ඊයේ (22) සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad