ගාලු කොටුව ආසන්නයේ මුහුදු තීරයේ මුහුදේ දැනට පැයකට පමණ පෙර වෙනසක් සිදු වූ බව වාර්තා වනවා. එම ස්ථානයේ සිටි කලාකරුවෙකු එම දර්ශනය ෆේස්බුක් LIVE ඔස්සේ තම ෆේස්බුක් පිටුවට එක් කර තිබුණා. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අප වෙත ඔහු සඳහන් කළේ සුමාත්‍රා හී සිදු වූ භූ කම්පනය පිළිබඳ නොදැන සිටි තමන් මෙම මුහුදේ වෙනස වීඩියෝ කළ බවයි.
ඒ අතර තවත් පුද්ගලයන්ද මෙම වෙනස දැක ගැනීම සඳහා පැමිණ සිටියා. කෙසේවෙතත් මුහුද ආපස්සට ගිය බව දැනගත් පිරිස් එය නැරඹීම සඳහාද පැමිණ තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන තවත් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ ගාලු කොටුව මුහුදු ප්‍රදේශයේ මෙම තත්ත්වය සාමාන්‍යයෙන් දැකිය හැකි බවයි.
මේ සම්බන්ධයෙන් කළ කරුණු විමසීමකදී ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ ඉන්දුනීසියාවේ - සුමාත්‍රා දිවයිනට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඇති වූ භූ කම්පනයෙන් පසු ගාල්ලේ එවැනි තත්ත්වයක් පිළිබඳව තමන්ට වාර්තා නොවූ බවයි. එවැනි භූ කම්පනවලින් පසු මුහුදේ වෙනස්වීම් ඇති විය හැකි බවද ඔහු සඳහන් කළා.
Sunday, August 13, 2017
ගාලු මුහුදේ වෙනසක්.. සුමාත්‍රා භූ කම්පනයේ බලපෑමක්දැයි සැකයක් - වීඩියෝව මෙන්න
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment