මහින්ද ඡන්දෙට වෙනම එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 13, 2017

මහින්ද ඡන්දෙට වෙනම එයි

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණවල දී වෙනම තරග කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ දැඩි අවධානය යොමු වී තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව තරග කිරීමේ හැකියාවක් නැති බවත්, ඊට ඒකාබද්ධ විපක්ෂයේ පහළ මට්ටමේ දේශපාලනඥයන් එකඟ නොවනු ඇති බවත් ය. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ද යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි වාර්තා වේ.

මීට පෙර ඒකාබද්ධ විපක්ෂයේ බිම් මට්ටමේ දේශපාලන කටයුතුවලට සහභාගි නොවූ හිටපු ජනාධිපතිවරයා, මෑතක සිට එම කටයුතුවලට මැදිහත් වන්නේ ද මේ නිසා බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මීට පෙර හිටපු ජනාධිපතිවරයා සහභාගි වන ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම්වල ඡායාරූප මාධ්‍ය වෙත මුදාහැරීමේ දී උදාසීන පිළිවෙතක සිටි ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකාරකවරු වර්තමානයේ දී එම ඡායාරූප වලට සමාජ මාධ්‍ය හරහා ද පුළුල් ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කරමින් සිටිති.

පරාක්‍රම දිසානායක

No comments:

Post a Comment

Post Bottom Ad