විජේදාසට එරෙහි විශ්වාස භංගයට ශ‍්‍රීලනිපය විරෝධය පල කරයි..

එක්සත් ජාතික පක්‍ෂය විසින් විජේදාස රාජපක්‍ෂ ඇමතිවරයාට එරෙහිව ගෙන එන්නේ යයි කියන විශ්වාස භංගයේදී ඊට එරෙහිව ඡුන්දය ලබා දෙන බව ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ශ‍්‍රීලනිපය පක්‍ෂයක් ලෙස එම විශ්වාස භංගයට විරුද්දව ඡන්දය දෙන බවද ඔහු කියා සිටියේ හාලිඇලදී පැවති ජනහමුවක් අමතමිනි. තව දුරටත් අදහස් පල කරමින් ඔහු කියා සිටියේ රවි කරුණානායක මහතා පක්‍ෂය වෙනුවෙන් ඇමති ධුරය අත්හැරි ආකාරයෙන්ම දුමින්ද දිසානායක මහතා ශ‍්‍රීලනිපයේ අනාගතය ගැන සිතා මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment