තෙල් ගැලුම් 34,000 ක් මුහුදට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 19, 2017

තෙල් ගැලුම් 34,000 ක් මුහුදට

කුවේට් මුහුද ආශ්‍රිතව සිදු වී ඇති තෙල් කාන්දුව හේතුවෙන් අඩුම තරමින් තෙල් ගැලුම් 34,000ක් මුහුදට එකතු වී ඇති බව එක්සත් ජනපදයේ වර්ජිනයා ප්‍රාන්තය පදනම් කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන ස්කයි-ටෘත් මඟින් ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප වලට අනුව පැහැදිලි වන බව එම රාජ්‍ය නොවන සංවිධානය ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

තෙල් කාන්දුව වර්ග කිලෝමීටර් 131ක්(වර්ග සැතපුම් 50.5) පුරා පැතිරී ඇති බව වාර්තා වේ. තෙල් නැවකින් සිදු වු තෙල් කාන්දුවක් විය හැකි බවකුවේට් බලධාරීන් මුලින් සැක පළ කළ අතර පරීක්ෂණ පැවැත්වීමෙන් පසුව තෙල් කාන්දුව සිදුවන ස්ථානය නිශ්චිතවම හඳුනා ගැනීමට කුවේට් බලධාරීන්ට සිකුරාදා (අගොස්තු 11) දින හැකිවිය. තවත් මෙවැනිම ආකාරයේ තෙල් කාන්දුවක් අඟහරුවාද (අගොස්තු 15)දින සොයා ගැනීමට පරීක්ෂණ පවත්වන කණ්ඩායම් වලට හැකි වු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad