අගෝස්තු 21 පූර්ණ සූර්යග්‍රහණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 16, 2017

අගෝස්තු 21 පූර්ණ සූර්යග්‍රහණයක්

මේ වසරේ පූර්ණ සූර්යග්‍රහණයක් මේ මස 21 වන දින සිදු වන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 1955 වසරේ එක් දවාලක සූර්යයා සම්පූර්ණයෙන් වැසී ගොස් රාත්‍රියක් උදාවූ බව ඔබ අසා ඇති. එවැනිම අත්දැකිමක් මේ වසරේ අගෝස්තු මස 21 වනදා ඇමරිකානු වැසියන්ට උදාවේ.

පැරැනන් මෙවැනි දිනයන් මහත් අභාග්‍යසම්පන්න දිනයක් ලෙස සැලකුවත් තාරකා විද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන්නෙකුට මෙවැනි විරල අත්දැකීමක් ජීවිතයේ කෙදිනක හෝ ලබාගැනීමට හැකිනම්, එය මහත් භාග්‍යයක් කොට සලකනු ඇත. තාරකා විද්‍යාත්මකව ග්‍රහණයක් යනු කිසියම් නිරීක්ෂකයෙකුට සාපේක්ෂව එක් ආකාශ වස්තුවක් මගින් තවත් ආකාශ වස්තුවක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ආවරණය කිරීමයි. 


ඒ අනුව පෘථිවිවාසීන්ට වැදගත්වන ප්‍රධාන ග්‍රහණ වර්ග දෙකකි. ඒවා සූර්ය ග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ වේ. වසරකට සාමාන්‍යයෙන් ග්‍රහණ හතරක් පමණ සිදුවේ. ඒ සූර්ය ග්‍රහණ දෙකක් සහ චන්ද්‍ර ග්‍රහණ දෙකක් වශයෙනි. කලාතුරකින් වසරකට ග්‍රහණ පහක් සිදුවන අවස්ථාද ඇත. අගෝස්තු මස පුරපසළොස්වක පෝය දින සිදුවු චන්ද්‍ර ග්‍රහණයෙහි අසිරිය සමහරවිට ඔබ අත්දකින්නට ඇති.

No comments:

Post a Comment

Post Bottom Ad