EXCLUSIVE : ආණ්ඩුව සියළු ජංගම දුරකතනවලට රහසේ සවන් දෙන්න උපකරණ ගෙනේ.. මෙන්න සියළු විස්තරේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 4, 2017

EXCLUSIVE : ආණ්ඩුව සියළු ජංගම දුරකතනවලට රහසේ සවන් දෙන්න උපකරණ ගෙනේ.. මෙන්න සියළු විස්තරේ…

පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් මෙසේ අදහස් පල කලේය.

පසුගිය ජනාධිපතිවරණයේ ජනාධිපති සිරිසේන මැතිතුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හරි අපූරු දෙයක් තිබුනා. රාජ පක්ෂ ආණ්ඩුව ආණ්ඩු විරෝධී දේශපාලකයන්ගේ දුරකථන වලට රහසේ සවන් දෙනවා. අපි බලයට ආවම ඒ වගේ අශීලාචාර කැත වැඩ කරන්නේ නෑ කියලා. මේ ආණ්ඩුව කතාවෙන් යහ පාලනය. ක්‍රියාවෙන් යම පාලනය. රාජ පක්ෂ යුගයේ සවන්දීමේ හැකියාව තිබුනේ ස්ථාවර දුරකතන වලට පමණයි. 


ජංගම දුරකතන වලට සවන් දෙනවනම් එම දුරකතනයට මීටර් සීයක් ආසන්නයේ ඉදලයි සවන් දෙන්න හැකි වුනේ. ඔන්න ඉතිහාසයේ ප්‍රථම වතාවට ජංගම දුරකතන වලට රහසේ සවන් දිය හැකි උපකරණයක් වත්මන් ආණ්ඩුව ඇමෙරිකාවෙන් ගෙන්වලා. එහි දේශීය නියෝජිතයා වන්නේ කොළඹ කොටුව බ්‍රිස්ටල් වීදියේ එන්-ඇබ්ලේ කියන සමාගමයි.

මේ උපකරණය හරහා ජංගම දුරකතන වලට සවන් දීමට නම් ජංගම දුරකතන සමාගම් තමන්ගේ ජාලයට සම්බන්ධ වෙන්න දෙන්න ඕනෑ. එහෙම නැති නම් එන්ක්‍රිප්ෂන් කෝඩ් නමින් හඳුන්වන කේත අංකය ජංගම දුරකතන සමාගම් විසින් ආණ්ඩුවට ලබා දෙන්න ඕනෑ. ඒ නිසා ජංගම දුරකථන සමාගම්වල සහයකින් තොරව ආණ්ඩුවට ඔබෙත් මගෙත් දුරකතන වලට සවන් දෙන්න බැහැ. අපි ඔත්තුකරුවන් පිලිබඳ ඔත්තු බලමින් ඉන්නේ. ඒ නිසයි අපි මේ තොරතුරු දන්නේ. 


යම් ජංගම දුරකතන සමාගමක් මේ අශීලාචාර වැඩේට සහය දුන්නොත් අපි ඒ සමාගම හෙලි කරනවා. ඊට පස්සේ ඒ සමාගමේ සේවය කවුරුවත් ගන්නේ නැති වේවි. අපි මෙයට එරෙහිව කටයුතු කරන්නේ එය මේ ආණ්ඩුව ලබාගත් ජන වරමට පටහැනි නිසයි. මේ ආණ්ඩුව දැනටමත් රුපියල් මිලියන 400කට වඩා වැය කරලා ෆේස් බුක් අධීක්ෂණ උපකරණයක් ලංකාවට ගෙනැවිත් තිබෙන්නේ. ඒක ක්‍රියා කරන්නේ සී ආර් ඩී නැතිනම් සෙන්ටර් ෆෝ රිසර්ච් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට් කියන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනය යටතේ. 

ඔබ ෆේස්බුක්හි කරන සෑම දෙයක්ම ආණ්ඩුවේ දැඩි පරික්ෂාවට ලක් වෙමින් තිබෙන්නේ. ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනපතිවරණයෙන් පරාජය කිරීමට තරුණ ෆේස් බුක් ක්‍රියා කරුවන් දැවැන්ත කාර්යක් ඉටු කලා. එතුමන්ට දැඩිව අපහාස කලා. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමන් ෆේස් බුක් වල තමන්ට එරෙහිව කටයුත් කරන අය මර්ධනය කිරීමට උත්සහ කලේ නෑ. අත් අඩංගුවට ගත්තෙත් නැ. නමුත් වත්මන් ආණ්ඩුව දකුණූ පලාත් සභාවේ උප සභාපති සම්පත් අතුකෝරල මහතාද ඇතුළුව මා දන්නා පරිදි 11 දෙනෙක් මේ වන විටත් අත් අඩංගුවට ගෙන තියෙනවා.

ඔවුන්ට දඩුවම් කරීමට යොදා ගත්තේ ඉතාම පැරණි නීතියක් වන ඉග්‍රීසි ආණ්ඩුව කාලේ දණ්ඩ නීති සංග්‍රයට ඇතුල්වුනු ජෝර්ජ් රජ තුමන්ට අපහාස කිරීමට එරෙහිව ඇති නීතියයි. මාධ්‍ය නිදහස ගැන කතා කරපු ජනතාවගේ පෞද්ගලිකත්වය උල්ලංඝණය වෙන්නට ඉඩ තබන් නෑ, රහසේ දුරකතන වලට සවන් දෙන්නැති බව කියපු මේ ආණ්ඩුවට කිසිම වරමක් නෑ මෙසේ ජනතාවගේ පෞද්ගලිකත්වයට අත පොවන්න.

– අරවින්ද අතුකෝරල

No comments:

Post a Comment

Post Bottom Ad