ප්‍රින්ස් එක්කම වැලලෙන්න ගිය රහසේ දිමංකත් ගෑවෙයි! සිදුවුනේ කුමක්ද ? (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

ප්‍රින්ස් එක්කම වැලලෙන්න ගිය රහසේ දිමංකත් ගෑවෙයි! සිදුවුනේ කුමක්ද ? (VIDEO)

සින්දු පන්සිය හැටක් ගායනා කරනවා කියන එක ඒ හැටි ලේසි දෙයක් නම් නෙවෙයි. අද ශිහාන් සනුක යන පාරේ එදා ගියේ ප්‍රින්ස්, නාමල්. ඒ අය කවදාවත් අමතක නොවන ගීත තමයි අපේ මතකයේ ආදරණිය විදියට ඉතුරු කරලා තියෙන්නේ.

ප්‍රින්ස් ගායන දිවියටත් අපෙනුත් සඳහටම සමුගත්තේ මෑතක වුණත් ප්‍රින්ස්ගේ ජීවිතයත් එක්කම වැලලෙන්න ගිය රහසක් ප්‍රින්ස්ගේ ආදරණිය සහෝදරිය එක්තරා පුවත්පතකට පවසලා තියෙනවා.

මොකක්ද මේ නවක ගායකයෙක් එක්ක ඇති වුණ ගැටළුව?

ප්‍රින්ස් අයියා අසාධ්‍ය වෙලා හොස්පිටල් එකේ ඉද්දි දිමංක වෙල්ලාලගේ කියන ගායකයා ඇවිත් අපේ අයියගේ “විජිතය ආදරයේ” ගීතය එයාගේ හඬින් වොයිස් කරලා අසාධ්‍ය තත්වයේ ඉන්න අයියගේ කනට ෆෝන් එක තියලා අහන්න දුන්නා. ප්‍රින්ස් අයියේ මම ඔයාගේ සින්දුවක් කළා ලස්සනද අහන්න කියනවා. එතැනදී මට සැකයක් ඇති වුණා එයා මේ සින්දුව ගැනම කතා කළ නිසා.

වෙන ගායකයෙක් මේ සින්දුව ස්ටේජ්වල කිව්වා කියන කතාව ඇත්තද ?

ඔව්. ඒක කලෙත් දිමංක තමයි. ඇහුවම කිව්වා රූකාන්ත මහත්මයා ඉඩ දුන්නා කියලා. දිමංක අයියගේ සින්දුව කියලා හම්බ කරපු එක රුපියලක්වත් අයියට බෙහෙත් ගන්න කියලවත් දුන්නේ නැහැ.

දිමංකගේ උත්තරේ තමා පහළ තියෙන්නේ..

විජිතය ආදරයේ සින්දුව ප්‍රින්ස් අසනීප වෙලා ඉද්දිත් ඉල්ලලා කරදර කළේ කවුරු වෙන්න ඇත්ද ?

මම කිසිම අවස්ථාවක ගීත ඉල්ලලා ඉල්ලීම් කළේ නැහැ. ඒ වගේ අනුන්ගේ ගීත ගායනා කරලා යන ගමන සාර්ථක වෙන්නෙත් නැහැ. මම ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහත්මයට උදව් කරන පදනමකින් කතා කළා. එයා විජිතය ආදරයේ ගීතය විකුණනවා ගන්නවද කියලා ඇහුවා. මම ගණන කියද ඇහුවම ලක්ෂ අටයි කිව්වා. මම ලක්ෂ අටක් දීලා සින්දු ගන්න තරම් කෝටිපති ගායකයෙක් නෙවෙයි. 


ඒත් ප්‍රසංගයක විජිතය ආදරයේ ගීතය ගායනා කරලා ප්‍රින්ස් උදය ප්‍රියන්තට පුළුවන් විදියට ආධාර කරන්න කියලා ඉල්ලීම් කළා. මම තවත් ප්‍රසංගයකට යන කාලේ නැති කරගෙන ඔහුට අවශ්‍ය මුදල් හොයන්න සංවිධානය කරපු ප්‍රසංගවල පවා ගීත ගායනා කළා. ඔහු රෝහල් ගත වෙලා ඉද්දි දුක සැප බලන්න ගියා.

මම ලක්ෂ අටකට ඒ ගීතය ගත්තත් මට ගායනා කරන්න බැහැ. මොකද ඒ ගීතය ප්‍රින්ස්ට අයිතියක් නැහැ, රූකාන්ත මහත්මයාට එයාට වඩා අයිතියක් තියෙනවා. මගෙන් වරදක් වුණා නම් මම නිතිය ඉදිරියට එන්න කැමතියි. ඒත් මේ විදියට ගුණමකු චෝදනා කරනවා කියලා දන්නවා නම් මම ප්‍රසංගවල ඒ ගීතය කොහොමවත් ගායනා කරන්නේ නැහැ. ඒ ගැන මම අද දුක් වෙනවා.



No comments:

Post a Comment

Post Bottom Ad