මින්නේරිය ළදරු ඝාතනයේ මව්පියෝ දරුවාට පයින් ගසා ලිංගිකව හැසිරිලා – ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 13, 2017

මින්නේරිය ළදරු ඝාතනයේ මව්පියෝ දරුවාට පයින් ගසා ලිංගිකව හැසිරිලා – ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න

මින්නේරිය රත්මලේ පදිංචිව සිටි දිලීප එරංග බණ්ඩාර නම් වූ සිව් හැවිරිදි දරුවා මව හා සුළු පියා විසින් පහර දී මරණයට පත් වීමේ පුවත පසුගිය සතියේ රටම හැඬවීමට සමත් වුණා. මේ වන විට එහි තවත් තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතිනවා. මෙම දරුවා අසල්වාසී සුමනදාස නමැත්තාගේ නිවසට යන්නේ “අම්මේ මට බඩගිනියි” කීවද කෑමට දෙයක් නොදුන් නිසයි.

බඩගින්නට යමක් ඉල්ලු පුතාට අම්මගෙන් බැනුම් ලැබෙද්දී සුළු පියාගෙන් පාපහරක් ලැබුන බවද දැන් හෙළිවී තිබෙනවා. එස් සුමනදාස නමැති අසල්වැසියා පොලිසියට ප්‍රකාශයක් ලබා දී තිබෙන අතර එය සති අන්ත පුවත්පතක් ද වාර්තා කර තිබුනා. “මමයි, මගේ බිරිඳ රූපවති ගෙදර ඉද්දි රංගගේ (සුළු පියා) ගෙදර ඉන්න පුංචි ළමයා හඬමින් අපේ ගේ ළඟින් ගියා. මම අපේ ගෙදරට එක්කගෙන ඇවිත් ඇහුවාම, තාත්තයි අම්මයි මට ගැහුවා. මාමේ මට බඩගිනියි. මට කන්න බත් දෙන්න.’ කියා කිව්වා. 


ඒ වෙලේ අපේ ගෙදර බත් නොතිබුන නිසා බිරිඳ බිස්කට් කෙසෙල් දුන්නා.වතුරත් දුන්නා. ළමයාව අපේ ගෙදර තියා මම රංගගේ ගෙදරට ගියා. එතකොට දවල් 12.00ට විතර ඇති. මම එවිට දැක්කා රංගයි, එයාගේ බිරිඳයි අඹු සැමියන් විදියට හැසිරෙනවා. පස්සේ මම විස්තරේ කිව්වා. රංගගේ අනියම් බිරිඳ ඇවිත් ළමයව ඇදගෙන වගේ අරන් ගියා. වෙනදාටත් මේ දරුවාට පහර දෙන බව අපි දන්නවා.” අසල ගොවිපලක වැඩ කරන නිරෝෂා නමැත්තිය ද පොලිසියට ප්‍රකාශයක් දී තිබෙනවා.

“රංග නැමැත්තාගේ අනියම් බිරිඳ ෆාම් එකට ඇවිත් කිවා, අනේ නෝනා මගේ පොඩි එකා ගෙදර සෙල්ලම් කරද්දී බිම වැටුනා, දැන් සිහිය නෑ කියා. පස්සේ තව දෙන්නෙකුත් එක්ක ඒ ගෙදරට ගියා.එහෙ තියෙන්නේ එක කාමරයයි.ළමයා කාමරය මැද උඩුබැලි අතට දිගා කරලා තිබුනා.ගෙයි ඉඳන් රංග එලියට අවා.මම ළමයව ඔසවා ගත්තාම ඔලුව කඩා වැටුනා” දරුවාගේ මව යයි කියන 23 හැවිරිදි සඳමාලි මෙසේ කියා තිබෙනවා.

“අල්ලපු ගෙදරට ගිහින් කෑම කෑව නිසා එහෙ ගිහින් අරගෙන ඇවිත්, ගේ පිටිපස්සේ මයිල ගහේ ලණුවකින් ගැට ගැහුවා. පස්සේ කොටුවක් කඩා එකෙන් ගැහුවා.ඔලුව ගහේ හැප්පුවා. ළමයා යටිගිරියෙන් කෑ ගැහුවා. සිහිය නැති වුනා. පස්සේ ලිහලා දැම්මා.” රංග නැමැත්තා පවසා ඇති පරිදි ඔහු රැකියාවක් සොයා කැකිරාව නගරයට ගිය අවස්තාවක කාන්තාවක් මුණ ගැසී ඇය සමග ගලෙන්බිඳුණුවැව ඇගේ නිවසට ගොස් ඇත්තේ හේන්වල වැඩ කිරීමටයි.

එහි දරුවකු සිටින තරුණ දියණියක් සිට ඇති අතර අගේ සැමියා හමුදා කඳවුරක කම්කරු රැකියාවක් කරන බවද දැනගෙන තිබෙනවා. පසුව ඇය හා අනියම් සම්බන්ධතාවක් ගොඩනගා ගෙන ඇය හා දරුවා සමග මින්නේරියට පැනගොස් ඇති බව සඳහන්. පොලිසිය සොයාගෙන ඇති පරිදි 26 හැවිරිදි මෙම රංග නැමැත්තාත් මිට පෙර විවාහ වී සිට ඇති අතර ඔහු එම බිරිඳට අමානුෂික ලෙස රජ කාලේ දඬුවම් පවා දුන් බවද හෙළි වී තිබෙනවා. 07 වන ශ්‍රේණියට පමණක් ඉගෙන ගත් පුද්ගලයෙන් වන ඔහු අධික ලෙස බීමට ඇබ්බැයි වී සිටින ඇති අතර පසුව එම බිරිඳ හැරගොස් තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad