‘මහත්මා ගාන්ධි තරම් මම බැනුම් අහලා නෑ’ – ජනපති මෛත්‍රීපාල සිරිසේන

තමාට එල්ල වන නින්දා  අපහාස පිළිබඳව දන්නා බවත් එස්.ඩබ්.ආර්. බණ්ඩාරනායක මහතා හෝ මහත්මා ගාන්ධි තරම් තවමත් තමන් බැනුම් අසා නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. ඊයේ  (09) වැලිකන්ද සිංහපුර දී ජනපතිවරයා මේ බව පැවැසීය“විවේචන ඒනවා, දෝශාරෝපණ එනවා, නින්දා අපහාස උපහාස ගල් මුල් ඒවා දේශපාලන ලෝකයේ ස්වභාවික දේවල්. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා දුක් වින්ද තරම් මම දුක් විදලා නෑ තවම. එතුමා අවරුදු තුනයි හිටියේ මරලා දැම්ම. ඇමති මණ්ඩලය කැබිනට් වර්ජනය කළා. 

කැබිනට් ‍රැස්වීමට යන්නේ නැතිව. අවුරුදු තුනට එක දිගට වැඩ වර්ජන පෙලපාලි උද්ඝෝෂණ. බණ්ඩාරනායක මැතිතුමාට සෙවල බණ්ඩා කිව්වා. කොන්ද පණ නෑ කිව්වා. මටත් කියන ඒවා දන්නවා නේ. මේ ඉන්න අය. මහත්මා ගාන්ධිතුමා ඉන්දීය ජාතික සටන කරනකොට එතුමාට කරපු නින්දා අපහාස, මේ නාකියා මේ මහල්ලා ඉන්දියාව විනාශ කරනවා කිව්වා. අද මුළු ලෝකයම මහත්මා ගාන්ධිතුමාට ගරු කරනවා. ඒ නිසා අපට තිබෙන ඒ සියලු අභියෝග ජයග්‍රහණය කරගෙන රටක් විදිහට ආණ්ඩුවක් විදිහට අපි ඉස්සරහට යනවා. විවේචනවලට අභියෝගවලට බය නෑ. අභියෝගවලට බයනම් එදා ආණ්ඩුවෙන් එළියට එන්නේ නෑ. ඒ නිසා ඒ අභියෝගය භාර ගත්තා.”

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment