පන්දු 71 යි.. ලකුණු 214යි.. හයේ ඒවා 21යි.. හතරේ ඒවා 16යි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

පන්දු 71 යි.. ලකුණු 214යි.. හයේ ඒවා 21යි.. හතරේ ඒවා 16යි

ඇෆ්ගනිස්ථානයේත් ක්‍රිකට් දැන් දැන් උඩට එනවා. මොකද ඒ රටෙන් බිහිවන තරුණ ක්‍රීඩකයන් ගොඩක් දක්ෂ නිසා. ICC එක්දින ශ්‍රේණිගත කිරීම්වලත් ඇෆ්ගනිස්ථානය ඉන්නේ 10 වෙනි ස්ථානය. බටහිර ඉන්දීය කොදෙව්වන් පසුකරලා 9 වෙනි තැන දිනාගන්න ඔවුන්ට තව ලකුණු කිහිපයයි තියෙන්නේ. කොටින්ම කියනවා නම් ලංකාවට එරෙහිව තරග ජයගන්න සිම්බාබ්වේ කණ්ඩායම ඉන්නෙත් ඇෆ්ගනිස්ථානයට පසු පසින්.

අද ඇෆ්ගනිස්ථානයේ තිබුණු විස්සයි විස්ස තරගයකදී Shafiqullah Shafaq තරුණ ක්‍රීඩකයා වාර්තාවක් තියන්න සමත් වෙනවා. ඔහු පන්දු 71කදි ලකුණු 214ක් ලබා ගැනීමට සමත් වෙනවා. මේ ලකුණු ප්‍රමාණයකට 6 පහරවල් 21ක් සහ 4 පහරවල් 16ක් ඇතුලත්. A කාණ්ඩය යටතේ ඕනෑම රටක් ඇතුලේ තිබෙන විස්සයි විස්ස තරගයකදී ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය මෙය වෙනවා. එම තරගයේදී එම කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය වුනේ 351ක්. ඒ කියන්නේ ඕවර් 20ට ලකුණු 351ක් ගහලා.

No comments:

Post a Comment

Post Bottom Ad