මැතිව්ස් අඩියක් පස්සට ගනියි.. නායකත්වයේ ඉවත්වීම ගැන සාකච්ජා අරඹයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 11, 2017

මැතිව්ස් අඩියක් පස්සට ගනියි.. නායකත්වයේ ඉවත්වීම ගැන සාකච්ජා අරඹයි

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ලද පරාජයත් සමග නායක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට සැරසෙන බව වාර්තා වනවා.ඊයේ තරගය ආරම්භ වීමට පෙරද මැතිව්ස් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබුනා.ඔහු එහිදී කියා සිටියේ.

“අවසන් තරගයට යද්දී නායකයෙක් ලෙස මට ලොකු පීඩනයක් තිබෙනවා. හොඳට පිතිකරණයේ යෙදිලා තරග ජයග්‍රහණය  කරන්න පුළුවන් කම තිබියදීත් පන්දු යවන්නෝ හොඳට පන්දු යැව්වේ නෑ. මේ තරගයේදීත් පළමු තරගයේදීත්.ලකුණු 300ක් ගහලා පරිදිනවානම් ලොකු අඩුපාඩුවක් තිබෙනවා.2019 ලෝක කුසලානයට මම නායකයා වෙයිද නැද්ද  දන්නේ නෑ. පන්දු යැවීමේ අංශයෙන් ලොකු ගැටලුවක අපි ඉන්නවා. මේකට ඉක්මනින්ම විසඳුමක් හොයාගන්න වෙනවා.” යනුවෙන් මැතිව්ස් එහිදී කියා සිටියා.

කෙසේ නමුත් ඊයේ ලද පරාජයත් සමග මැතිව්ස් කියා සිටියේ
“මම තාම මුකුත් හිතලා නෑ.මම තේරීම් කමිටුවත් සමග සකාච්ජා කරනවා.සාකච්ජා කරලා අඩියක් පිටුපසට ගැනීමට බලාපොරොත්තු වනවා” මෙම ප්‍රකාශයෙන් අපට පෙනී යන්නේ මැතිව්ස් කියා තිබෙන්නේ ඔහු නායකත්වයෙන් ඉවත් වීමට සැරසෙන බවය.කෙසේ වෙතත් මැතිව්ස් ඔහුගේ එම තීරණය තේරීම් කමිටුව සමග සාකච්ජා කිරීමෙන් පසුව දැනුම් දෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad