චමල් උමා ඔය ගැන කට්ටියටම බඩ පිරෙන්න දෙයි… රාජපක්ෂවරු ගැරඩියෝ වගේ නෙවි වගත් රටටම හඩගා කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 11, 2017

චමල් උමා ඔය ගැන කට්ටියටම බඩ පිරෙන්න දෙයි… රාජපක්ෂවරු ගැරඩියෝ වගේ නෙවි වගත් රටටම හඩගා කියයි..

උමා ඔය යොජානා ක්‍රමය 2001 වසරේ දී විදුලිබල උත්පාදක යෝජනාවක් ලෙස ආරම්භ කිරීමට එවකට විදුලිබල අමාත්‍ය වර්තමාන කථානායකවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කල අතර එයට රනිල් වික්‍රමසිංහ අගමැති ප්‍රමුඛව චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය අනුමැතිය ලබා දුන්නා. 

එහෙත් මුදල් නැති නිසා ආරම්භ කලේ නැහ. 2005 වර්ෂයේ දි පරිවාස රජයේ කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස ජවිපෙ අනුර කුමාර දිසානායක ප්‍රථම වරට උමාඔය බහු කාර්යය යොජානා ක්‍රමයක් ලෙස මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික් සඳහා ජලය ගෙන යාමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් 2004/09/02 දින ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගතහ. ඒ සඳහා එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය මුදල් අමාත්‍යාංශයේ උපදේශක මනෝ තිත්තවැල්ල හරහා චීන රජයේ ණයක් ලබා ගෙන මෙම ව්‍යපතිය කිරිමට සුදානම් වුවත් එය ඉටුකිරීමට නොහැකි විය.

මහින්ද රාජපක්ෂ 2005 වසරේ දි ජනාධිපතිවරයා කිරීමට ජනතාවට ඉදිරිපත් කල මහින්ද චින්තන වැඩපිලිවෙල එදා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු හවුල්කාර පක්ෂ සමඟ පිලියෙල කල අතර එහි පැහැදිලිව උමාඔය, මොරගහකන්ද , දැදුරුඔය ඇතුළු වාරිමාර්ග ව්‍යාපති 4 ක් මෙන්ම කුඩා ව්‍යපති ගනනාවක්ම ඇතුලත් කොට ජනතාවගේ අනුමැතිය ලබාගත් බවයි. 


ඒ අනුව උමාඔය බහු කාර්යය යෝජනා ක්‍රමය ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම පරිසර අධ්‍යයන වාර්තා මෙන්ම සක්‍යතා වාර්තා ලබා ගැනීමෙන් පසු ඉරාන රජයේ මූල්‍ය ආධාර මත ශ්‍රීලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් එදා ඛනිජ තෙල් අමාත්‍ය ඒ එච් එම් පවුසි මහතා හා ඉරාන රජය අතර ගිවිසුම අත්සන් කර ආරම්භ කල බව ඊයේ දෙරණ රූපවාහිනි නාලිකාවේ 360 වැඩසටහනට සහභාගි වෙමින් හිටපු කථානායක මෙන්ම උමාඔය ආරම්භ කරන සමයෙහි සිටි වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය චමල් රාජපක්ෂ පැවසීය.

එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන්ට අගමැති ධූරය ලබාදීමට කටයුතු කල බවට කිසිවෙකු තමා සමඟ සාකච්ඡා නොකළ බවද සඳහන් කල හෙතෙම අනාගතයේදි සිදු වු වැරදි නිවැරැදි කරමින් ප්‍රගතිශීලි ආණ්ඩුවක් සැදීමට අවශ්‍ය කටයුතු කරන බවත් සඳහන් කලේය.

රාජපක්ෂවරුන් 1936 සිට රාජ්‍ය මණ්ත්‍රන සභාවන් ආරම්භ කල ගමන අදත් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත් එදා රාජපක්ෂවරුන්ට සංවිධානාත්මකව හොරු කියා චෝදනා කිරීමට නිසි ප්‍රතිචාර නොදැක්වූ නිසා ජනතාවට දුන් පොරොන්දු ඉටුකල මහින්ද රාජපක්ෂ රජය පරාජය වූ බවත් එදා මෙරටේ තිබු 30 අවුරුදු දැවැන්ත යුද්ධය නිමා කොට රටට සාමය ගෙන ඒමෙන් අද රටේ සියලුම ජනතාව එම නිදහස භුක්ති විදින බවත් හිටපු කථානායක වත්මන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පැවසිය.

Link

No comments:

Post a Comment

Post Bottom Ad