"ව්‍යවස්ථාවක් ගේන්නේ බල බල ඉන්න නෙවෙයි" - ත්‍රෙයිනිකායික හිමිවරුන්ගේ තීන්දුව පසෙකලා නව ව්‍යවස්ථාවක් සැකසීමට රජය සැරසෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

"ව්‍යවස්ථාවක් ගේන්නේ බල බල ඉන්න නෙවෙයි" - ත්‍රෙයිනිකායික හිමිවරුන්ගේ තීන්දුව පසෙකලා නව ව්‍යවස්ථාවක් සැකසීමට රජය සැරසෙයි

නව ව්‍යවස්ථාව සකස් කරමින් සිටින්නේ ගෙන එන්නට මිසක් බල බලා සිටින්නට නොවන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 

නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නැතැයි ත්‍රෙයිනිකායික මහා නා හිමිවරු ගත් තීරණය සම්භන්ධයෙන් ඊයේ (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවවේ මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මේ රජයට ලක්ෂ 62ක ජනතාවක් ලබාදුන් ජන වරමක් පවත්නා බවත්, රජය ක්‍රියා කරන්නේ එකී ජන වරම අනුව බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

අමාත්‍යවරයා එහිදී මෙසේ ද අදහස් දැක්වීය.“ලක්ෂ 62ක ජනතාවක් අපට දුන්නු  ජනවරම උඩ තමයි අපි ක්‍රියා කරන්නේ.ඇයි දැන් මේ හදන්නේ ගේන්න නැත්තම් බල බල ඉන්න ඈ.ඉස්සෙල්ලාම බලන්නකෝ ව්‍යවස්ථාව මොකක්ද කියලා.ව්‍යවස්ථාවක් ගේන්න එපැයි කියන්නේ සංසාර චක්‍රයම මේ ව්‍යවස්ථාවෙන් ගෙනියන්නද?”

No comments:

Post a Comment

Post Bottom Ad