"මම බහිරවයෙක්" - රටේ උරුමය රකින හැටි අකිල කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 4, 2017

"මම බහිරවයෙක්" - රටේ උරුමය රකින හැටි අකිල කියයි

කවුරුන් කෙතරම් චෝදනා කළත් රටේ උරුමයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බහිරවයකු ලෙස කටයුතු කිරීමට තමන් සූදානම් බව  අධ්‍යාපන  අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අධ්‍යාපන අමාත්‍ය වරයා මේ බව පැවැසුවේ විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (3) සහභාගී වෙමිනි.

දඹුලු ලෙන් විහාරයේ බිතුසිතුවම් විනාශ වී යාමේ තර්ජනයකට ලක්ව තිබීම සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා කළ දැනුම් දීම මත ඒ සඳහා මැදිහත් වී අදාළ සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට තමා උපදෙස් ලබාදුන් බවත් ඇමැතිවරයා සඳහන් කළේය. එම විහාරස්ථානය දැනට පවත්නා තත්ත්වය යටතේ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවධානමට ලක්ව ඇති බවට යුනෙස්කෝ ආයතනය  අනතුරු අඟවා ඇති බැවින් තමා ඒ සඳහා මැදිහත් වූ බවත් එවැනි මැදිහත්වීම් සිදු කරන විට ඇතැම් පිරිස් බහිරවයා යැයි තමාට චෝදනා කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

එහෙත් කවුරුන් කොපමණ චෝදනා කළත් රටේ උරුමයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බහිරවයකු ලෙස කටයුතු කිරීමට තමා සූදානම් බවද ඔහු  පැවසීය. රටේ අධ්‍යාපනය නඟා සිටුවීමේ වගකීම ඉටු කිරීම තම ප්‍රධාන අරමුණ බවත් ඒ වෙනුවෙන් එක් එක් ආයතන ප්‍රධානීන් මඟින් ඉටුවිය යුතු වැඩ කොටස නිසියාකාරව ඉටු කරදීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය. හිතවත්කම්,දේශපාලන මතිමතාන්තර මත තමා කිසිවිටෙකත් තීන්දු තීරණ නොගන්නා බවද තමන් දරන තනතුරේ වගකීම නිසියාකාරව ඉටු නොකරන නිලධාරීන් ඉවත් කිරීමට කිසිසේත් පසුබට නොවන බවද ප්‍රකාශ කළේය.

බොරුවෙන් සහ වංචාවෙන් ජනතාව නොමඟ යවමින් කටයුතු කළ ඇතැම් දේශපාලකයන් නිසා රටක් වශයෙන් ශීඝ්‍ර දියුණුවක් කරා යෑමට අපට තවමත් නොහැකි වී ඇති බවත් කෙතෙක් බාධා සහ අභියෝග පැමිණියත් රටට වැඩදායී සේවයක් ඉටු කිරීම තමන්ගේ අරමුණ බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad