බිත්තරයක් ඇතුළේ තවත් බිත්තරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

බිත්තරයක් ඇතුළේ තවත් බිත්තරයක්

බිත්තරයක් තුළ තිබූ තවත් බිත්තරයක් හමුවීමේ පුවතක් අනුරාධපුර මාතලේ හංදිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. මාතලේ හන්දිය, නිසල මාවත ප්‍රදේශයේ කාන්තාවක් අද (17) පෙරවරුවේ වෙළෙඳ සැලකින් මෙම බිත්තරය මිලදී ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව මිලදී ගත් බිත්තර නිවසට ගෙන එම එක් බිත්තරයක් කඩා බැලීමේදී එම බිත්තරය තුළ කුඩා ප්‍රමාණයේ බිත්තරයක් තිබෙනු දැක ඇති බව වාර්තා වනවා. විශාල ප්‍රමාණයේ බිත්තරයේ සාමාන්‍ය ආකාරයෙන් කහ මදය සහ සුදු මදය තිබූ අතර කුඩා බිත්තරයද තිබී ඇති බවයි වාර්තා වන්නේ.


එම බිත්තරවල ඡායාරූප පහතින් දැක්වේ...


No comments:

Post a Comment

Post Bottom Ad