දැන්කාලේ පිරිමින්ට නැති දෙයක් පියුමිට පෙනෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

දැන්කාලේ පිරිමින්ට නැති දෙයක් පියුමිට පෙනෙයි


පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක්. විවිධ කතා ඔස්සේ පියුමි නිතරම වගේ කරළියට එනවා. ඉතිං පියුමිගේ අලුත්ම විස්තර ගැනත් ආදරේ ගැනත් සතිඅන්ත පුවත්පතක මෙලෙස පලවී තිබුණා.

ආදරය හිතට දැනෙනකොට වයස කීයද..?
වයස අවුරුදු 14 දි තමයි මට ආදරය හිතට දැනුනේ..


පාසල් ප්‍රේමය මතකද..?
ඔව් ඒ කාලේ පෙම්වතෙක් හිටියා සංජීව කියලා. එයා ලස්සනයි. පාසල ඉවරවෙලා එයා එක්ක කතාකර කර තමයි එන්නේ. අපේ ගේ පේන මානයේදි එයා යාළුවෝ එක්ක යනවා. ඒ අතීතෙට මම ගොඩක් කැමතියි.


ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැරි බව ඇත්තද.?
පාසල් ප්‍රේමය තමයි මගේ ප්‍රථම ප්‍රේමයත්. පුළුවන්. අපිට හොඳ කෙනෙක් ලැබුණොත් ඒ දේවල් අමතක වෙලා යනවා.


මුලින්ම ලැබුණු තෑග්ග මොකක්ද..?
චොකලට් එකක්.


පෙම්වතාගෙන් ලැබුණු වටිනාම තෑග්ග මොකක්ද..?
රොලැක්ස් ඔරලෝසුවක්.


ආදරය මුලින්ම ප්‍රකාශ කරන්න ඕන පිරිමි ළමයද..?
එහෙම නෑ.. දෙන්නා ආදරේ නම් ඒ ආදරය කවුරු ප්‍රකාශ කළත් එකයි. මට නම් ආදරය ප්‍රකාශ කළේ පිරිමි ළමයි තමයි.


ඔබ කාට හරි මුලින් ආදරය ප්‍රකාශ කරලා තියෙනවද..?
කාටවත්ම නෑ.


අප්‍රකාශිත ආදර කතා කීයක් ඔබේ ජීවිතේ තියෙනවද..?
මතක නම් නෑ.


ජනප්‍රිය නළුවෝ කී දෙනෙකුට ආදරය කළාද..?
එදා ඉඳන් විජය කුමාරතුංගට තමයි මම ආදරය කළේ.


ඔබ වශී වෙන්නේ පිරිමි ළමයගේ මොන ගතිගුණවලටද..?
හොඳ පෞර්ෂයක් තියෙන්න ඕනේ. රැවුල තියෙන, ඇඟ තියෙන. ලස්සන කෙනෙක්. ඒත් දැන් කාලේ ඉන්න අයගේ පිරිමි පාටක් නෑ.


ආදරය ඇතුලේ රාගයට ඔබ වෙන් කරන ඉඩ ප්‍රතිශතය කීයද..?
ආදරය සියයට සීයක් නම් රාගයටත් සීයට සීයයි.


පෙම්වතා ආදරයට ඔබට කියන නම මොකක්ද..?
සුදු අම්මි කියලා..


විරහව කී වතාවක් විඳලා තියෙනවද..?
දෙතුන් වතාවක් විඳලා තියෙනවා.


ප්‍රේමය විවාහයෙන් කෙලවර වෙන්න ඕනෙද.
එහෙම වෙන අවස්ථාත් තියෙනවා. නමුත් එහෙම විවාහ සාර්ථක වෙන්නේ නෑ.


පෙම්වතා තරහ වුණාම එබ යාළු කරගන්නේ කොහොමද..?
මම එයාව යාළුකරගන්නේ නෑ. ඔහුම තමයි මාව යාළු කරගන්නේ.


ආදරයට නිර්වචනයක් දෙන්න..?
සුන්දරයි.. ඒත් වෙලාවකට වේදනාව වගේම දුකක්..


No comments:

Post a Comment

Post Bottom Ad