ශ්‍රී දළදා මාළිගාව ලොව ප්‍රථම හරිත පුණ්‍ය භූමිය වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 14, 2017

ශ්‍රී දළදා මාළිගාව ලොව ප්‍රථම හරිත පුණ්‍ය භූමිය වෙයි

ලෝකයේ ප්‍රථම හරිත පුණ්‍ය භූමිය ලෙස ශ්‍රී දළදා මාලිගාව නම් කිරීමේ ජාතික වැඩසටහන අද (14) මහනුවර ශ්‍රී දළදා මාළිගාව පරිශ්‍රයේදී ආරම්භ කිරීමට නියමිතය. මෙම වැඩසටහනේ නිර්මාතෘ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාය. ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන මෙම වැඩසටහන මඟින් සමස්ත මාලිගා පරිශ්‍රයම පොලිතින් හා ප්ලාස්ටික් ශුන්‍ය ප්‍රදේශයක් බවට පත් කිරීමට නියමිතයි.

එමෙන්ම මාළිගාවට ගෙන එන ප්ලාස්ටික් මල්වට්ටි වෙනුවෙන් ඇතුළු වීමේදී ප්‍රතිචක්‍රීකරණය කළ හැකි මල් වට්ටිය නිකුත් කිරීමේ කටයුත්තද ආරම්භ කර ඇත. මාළිගය පරිශ්‍රයේදී භාවිත වන කසළ බදුන් සියල්ලම දේශීය අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරන ලද ඒවා වන අතර දෛනිකව බැහැර කරනු ලබන මල් සහ ආහාර ඉවත් කිරීම සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මඟින් විශේෂ කසළ ඉවත් කිරීමේ රථයක් ලබා දීමද මෙහිදී සිදු කෙරේ.

මෙම හරිත පුණ්‍ය භූමි වැඩසටහන දිවයිනේ සමස්ත ආගමික ස්ථාන සියල්ල ආවරණය වන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා විශේෂ අවධානයක් යොමු කොට ඇත. විශේෂයෙන්ම මේ දිනවල පවතින කසළ අර්බුධය හේතුවෙන් ආගමික ස්ථානවල පාරිසරික ගැටළු ඇති වීමෙන් බැතිමතුන්ට සිදුවන අපහසුතා අවම කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වේ. දළදා පෙරහැර වැනි විශේෂ ආගමික උත්සව සඳහා විශේෂ කසළ බැහැර කිරීමේ වැඩසටහනක් අදාළ ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමටද අමාත්‍යංශය සැලසුම් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad