“මහින්ද කියන්නේ දෙවියෙක්….! අදත් මම මහින්දට ගරු කරනවා”-කලකිරුණු තෙවරප්පෙරුම කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 21, 2017

“මහින්ද කියන්නේ දෙවියෙක්….! අදත් මම මහින්දට ගරු කරනවා”-කලකිරුණු තෙවරප්පෙරුම කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මම ගරු කරන කෙනෙක්‌. එවැනි නායකයින් මේ රටේ ඉන්න ඕනෑ. නමුත් ගරු නොකරන සිද්ධීන්ද තිබුණා. අහසත් මගේ පොළවත් මගේ වගේ රට පාලනය කළේ යෑයි වයඹ සංවර්ධන නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා බුලත්සිංහල දී පැවසීය. ඒ මහතා එම අදහස්‌ පළ කළේ බුලත්සිංහල ජාතික පාසලේ පැවැති උත්සව සභාවක්‌ අමතමිනි. 

තවදුරටත් අදහස්‌ දැක්‌ වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීහ. අද සයිටම් කියල ප්‍රශ්නයක්‌ රටේ තියෙනවා අද වෛද්‍යවරු මොකක්‌ද කරන්නේ. ආණ්‌ඩුවට කියනවා සයිටම් රජයට පවරා ගන්න කියලා. සමහර ප්‍රමිති වෛද්‍යවරු මගේ ඥාතියකුගේ වම් කකුලේ කටුවක්‌ ඇනිල තියෙද්දී දකුණු කකුල කැපුවා. මේ වෛද්‍යවරු ප්‍රමිතිය ගැන කථා කරනවා. මේ රටේ ප්‍රමිති හදන ඇතැම් වෛද්‍යවරු ජීවිත කොච්චර පෙට්‌ටියෙන් එවලා තියෙනවාද?

පරිසරය තියෙන්නේ ජනාධිපති යටතේ, අම්මගේ අප්පගේ බූදලයක්‌ වගේ පරිසරය දවසින් දවස විනාශ වෙනවා. අපේ රටේ ජාතික ප්‍රතිපත්තියක්‌ නැහැ. මම ආණ්‌ඩුවේ ඇමැතිවරයෙක්‌ වුණාට මම ආණ්‌ඩුව ආරක්‍ෂා කරන්නේ නැහැ. පක්‍ෂය ආරක්‍ෂා කරන්නෙත් නැහැ. රටේ පුරවැසියෝ ආරක්‍ෂා කළාම ආණ්‌ඩුවත් ආරක්‍ෂා වෙනවා.


Medaperadiga.com

No comments:

Post a Comment

Post Bottom Ad