පාසල් අධ්‍යාපනය වසරකින් අඩු කරයි? අලුත්ම යෝජනා මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 22, 2017

පාසල් අධ්‍යාපනය වසරකින් අඩු කරයි? අලුත්ම යෝජනා මෙන්න

පාසල් අධ්‍යාපනය වසරකින් අඩු කරයි? අලුත්ම යෝජනා මෙන්න
පාසල් අධ්‍යාපන කාලය වසරකින් අඩු කිරීමට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත. එම යෝජනාවට අනුව සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේ දී සහ උසස්‌ පෙළ විභාගය 12 වසරේ දී පැවැත්වීමට නිර්දේශ කර ඇත.

මීට අමතරව කොමිෂන් සභාව යෝජනා කර ඇත්තේ පාසල් යාමට පෙර සියලු දරුවන් රජයේ පාලනය යටතේ ස්‌ථාපිත කෙරෙන පෙර පාසල් සඳහා ඇතුළත් කර එකම විෂය නිර්දේශයක්‌ ඒවායේ ක්‍රියාත්මක කළ යුතු බවයි. එක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්‌වා ප්‍රාථමික අංශය ලෙසද දැනට හය ශ්‍රේණියේ සිට නව වැනි ශ්‍රේණිය දක්‌වා පවතින කනිෂ්ඨ ද්විතියික අංශය හය ශ්‍රේණිය සිට අට ශ්‍රේණිය ලෙසද වර්ග කිරීමට කොමිෂන් සභාව යෝජනා කර ඇති අතර නවය ශ්‍රේණියේ සිට දොළහ ශ්‍රේණිය දක්‌වා වන සිව් වසර ජ්‍යෙෂ්ඨ ද්විතියික අංශය ලෙසද වර්ග කිරීමකට ලක්‌කර ඇත.

මීට අමතරව කොමිෂන් සභාව යෝජනා කර ඇත්තේ සිව් වසර සම්පූර්ණ වන දරුවන් රජයේ පාලනය යටතේ ස්‌ථාපිත කෙරෙන පෙර පාසල් සඳහා ඇතුළත් කර එකම විෂය නිර්දේශයක්‌ ඒවායේ ක්‍රියාත්මක කළ යුතු බවය. සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා සකස්‌ කරන ලද යෝජනාවලියේ ඉහත යෝජනාව අන්තර්ගත වන අතර එම යෝජනාවලිය මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදී තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ මෙම යෝජනා ජනපති, අගමැති හා අධ්‍යාපන ඇමැතිවරයාගේ මැදිහත්වීමකින් පසු සාකච්ඡාවට ලක් කර ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad