වයඹින් කළුතරට රා ඇද්දූ බලවතුන් සෙවීමට රාජිතගෙන් මෙහෙයුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 11, 2017

වයඹින් කළුතරට රා ඇද්දූ බලවතුන් සෙවීමට රාජිතගෙන් මෙහෙයුමක්

ඇතැම් දේශපාලනඥයින්ගේ මැදිහත්වීම මත වයඹ පළාතේ සිට කලුතර දිස්ත්‍රික්කයේ මත්පැන් නිෂ්පාදනාගාරවලට රැගෙන එන කෘත්‍රීම රා කන්ටේනර වහාම අත්අඩංගුවට ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ බේරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති දොස්තර රාජිත සේනාරත්න මහතා සුරාබදූ දෙපාර්තමේන්තුවට සහ පොලීසියට ඊයේ (10) නියෝග කර ඇති බව සඳහන් වේ.

ඒ බව සඳහන් කර ඇත්තේ බේරුවල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදීය. පසුගිය රජය සමයේ කලුතර දිස්ත්‍රික්කයේ සිටි ඇතැම් දේශපාලඥයින්ට එම කෘත්‍රීම රා ප්‍රවාහනය කිරීමට සහයෝගය ලබා දීම වෙනුවෙන් මත්පැන් සමාගම් දිනකට රුපියල් 250,000 මුදල් ගෙවා ඇති බව හෙළිවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

කිසිවෙකුට බිය නොවී එම කෘත්‍රීම රා ප්‍රවාහන කන්ටේනර අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දූන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම ජාවාරම පිටුපස සිටින පුද්ගලයින් පිළිබදව බුද්ධි අංශ පරීක්ෂණයක් ද ක්‍රියාත්මක බව ප්‍රකාශ කළේය. මෙම ජාවාරමට පොලීසියේ හෝ සුරාබදූ දෙපාර්තුවේ නිලධාරින් සම්බන්ධ නම් ඔවුන්ගේ නම් ඉදිරියේ දී හෙළි කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

තමන් මේ පිළිබදව කැබිනට් මණ්ඩලය ද දැනුවත් කළ බව කියා සිටියේය. කලුතර දිස්ත්‍රික්කයේ පොල් රා නිෂ්පාදනය කිරිම සදහා ලියාපදිංචි කර ඇති පොල් ගස් ප්‍රමාණය හා ඉන් ලැබෙන ස්වාභාවික  රා නිෂ්පාදන පිළිබදව සමීක්ෂණක් සිදූ කර  මීලඟ සම්බන්ධීකරණ රැස්වීමට ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සුරාබදූ නිලධාරින්ට දැනුම් දෙන ලදි. සම්බන්ධීකරණ කමිටු රැස්වීමට පැමිණ සිටි මහජන නියෝජිතයින් පෙන්වා දූන්නේ බේරුවල ආසනයේ නීති විරෝධී මත්පැන් සහ මත් ද්‍රව්‍ය වැඩි වී ඇති බැවින් ඊට පිළියම් යෙදිය යුතු බවයි.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ කලුතර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි නීති විරෝධී මත්පැන් සහ මත් ද්‍රව්‍ය වැටලීම සදහා නව වැඩපිළිවෙලක් කළුතර නව ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රන්මල් කොඩිතුවක්කු මහතා විසින් ලබන සතියේ ආරම්භ කරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad