උතුරේ නැවත පදිංචි ජනතාවට යුද හමුදාවෙන් ලේ දන්දීමක්

යුද්දෙන් පසුව මුලතිව් දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි ජනතාව වෙනුවෙන් මුලතිව් රෝහලේ පැවති ලේ අවශ්‍යතාවයට පිළියමක් වශයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබුණි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩී.පී.ප්‍රනාන්දු මහතාගේ පූර්ණ උපදෙස් හා අධීක්ෂණයන් පරිදි 59, 64 , 68 යන සේනාංකයන්හි සෙබලුන්ගේ දායකත්වයෙන් මුලතිව් මහරෝහල් ලේ බැංකු මධ්‍යස්ථානයේදී සංවිධානය කොට තිබුණි. මුලතිව් මහරෝහල් ලේ බැංකුවේ රජිත විජේවර්ධන වෛද්‍ය තුමන්ගේ ඉල්ලීම පරිදි මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති තුමන් විසින් මෙම ලේ දන් දීමේ වැඩසටහන මෙහෙයවා ඇත.

මුලතිව් දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි ජනතාවගේ හදීසි ලේ අවශ්‍යතාවයන් වෙනුවෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මුලතිව් මහ රෝහල විසින් අගය කොට ඇති අතර ලේ දන් දීමේ වැඩසටහන් අවස්ථාවට සෙබලුන් 400 කට ආසන්න පිරිසක් සහභාගී වී බව සඳහන් වේ.

(වන්නි රොමේෂ් මධුෂංඛ)


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment