දෙන්නෙක් ඉවතට - සිම්බාබ්වේ සටනට කපුගෙදර සමග සුරංග ?

සිම්බාබ්වේ සමග අවසන් එක්දින තරග තුන සඳහා චාමර කපුගෙදර හා සුරංග ලක්මාල් කැඳවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග පවසනවා.

පළමු තරග දෙක සඳහා සංචිතයට කැඳවා තිබූ අමිල අපෝන්සු හා ලහිරු මදුසංක සංචිතයෙන් ඉවත් කර ඒ වෙනුවට ඔවුන්ව සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. ඇන්ජලෝ මැතිව්ස්,උපුල් තරංග,නිරෝෂන් දික්වැල්ල,ධනුෂ්ක ගුණතිලක,කුසල් මෙන්ඩිස්,අසේල ගුණරත්න,වනිඳු හසරංග,දුෂ්මන්ත චමීර,ලක්ෂාන් සඳකැන්,ලසිත් මාලිංග,නුවන් ප්‍රදීප්,සුරංග ලක්මාල්,අකිල ධනංජය සහ චාමර කපුගෙදර සංචිතයට ඇතුළත් බව පැවසෙනවා.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment