මාධ්‍ය හරහා සංහිදියාව නැති කිරීමේ කුමන්ත්‍රණයක්? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 11, 2017

මාධ්‍ය හරහා සංහිදියාව නැති කිරීමේ කුමන්ත්‍රණයක්?

මේ රටේ ඇතැම් මාධ්‍ය උපයෝගී කර ගනිමින් කිසියම් පිරිසක් මේ රටේ දැනට තිබෙන සංහිදියාව නැති කිරීමට කටයුතු කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසයි. හැටන් ශාන්ත ගේබ්‍රියල් බාලිකා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ල අද (11) සිසු අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවති ජන හමුවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ ගෙන ඒමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාදක කර ගනිමින් මේ රට දෙකට කඩා කඩා බෞද්ධ ආගමට හිමි ස්ථානය පහළ දැමීමට කටයුතු කරන බවට ඇතැම් පිරිස් ඇතැම් මාධ්‍ය තුළින් රටේ ජනතාවට බොරු බියක් ඇති කරන බවයි. 

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම පිලිබඳව තමන් මූලික වටයේ සාකච්ජාවේ සිටි අයෙකු වශයෙන් එවැනි කිසිදු කටයුත්තක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ගෙන ඒමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කිසිදු ඉඩක් ලබා නොදෙන බව ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේය. ගෙන ඒමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකීය රටක් තුළ මේ රටේ බෞද්ධ ආගමට ප්‍රමුඛස්ථාවක් ලැබෙන බව ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේය.

(හැටන් රංජිත්)

No comments:

Post a Comment

Post Bottom Ad