ඒකීය රටක බලය බෙදීමට දේශපාලන ක්‍රමවේදයක් - ජනපති කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 11, 2017

ඒකීය රටක බලය බෙදීමට දේශපාලන ක්‍රමවේදයක් - ජනපති කියයි

රටේ ඒකීයභාවය හා බෞද්ධාගම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පැවරී තිබෙන වගකීම් කිසි ලෙසකින්වත් පැහැර නොහරින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නැගෙනහිර පළාත හා තමන්කඩුව එගොඩපත්තුව යන දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලද පූජ්‍ය මකුරුප්පේ පඥ්ඥාසේකර නායක ස්වාමීන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් ඊයේ (10) පස්වරුවේ දෙහිඅත්තකණ්ඩිය මහවැලි ශාලිකා ශාලාවේ පැවති උත්සවය අමතමිනි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිලිබඳ තවමත් දළ කෙටුම්පතක් හෝ සකසා නොමැති අතර,එවැන්නක් සකස් කරන්නේ නම් එය පාර්ලිමේන්තුවට සහ රටට ඉදිරිපත් කර සියලු යෝජනා මෙන්ම චෝදනා ද සැලකිල්ලට ගනිමින් අදාළ සංශෝධන සහිතව එම දළ කෙටුම්පත සැකසීමට බලාපොරත්තු වන බව ජනපතිවරයා මෙහිදී පැවසීය. රටේ ඒකීයභාවය පිලිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන කරුණුවල කිසිදු වෙනසක් සිදු නොකරන අතරම 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බෞද්ධාගම සම්බන්ධයෙන් තිබෙන ජේදයෙහි ද කිසිදු වෙනසක් සිදු නොකරන බව ජනපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ රටේ ජනතාවගේ පැත්තෙන් ඇති උනන්දුව පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කර කොට්ඨාස ජන්ද කරමයක් පිලිබඳ තිබෙන ඉල්ලීමක් බවද මෙහිදී සඳහන් කළ ජනපතිවරයා ජාතික සංහිදියාව ගොඩනැගීමේදී සහ බලය බෙදීමේදී කිසිවිටකත් රට බෙදන්නේ නැති ඒකීය රටක බලය බෙදීමේ දේශපාලන විද්‍යාත්මක ක්‍රමවේදයකට යොමු විය යුතු බව ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad