‘අනුරපුර ප්‍ර‍බල ඇමතිවරයෙකුගේ ගෝලයෙක්‘ බිරියගෙන් හා නැන්දම්මාගෙන් ගුටිකන්න බැරුව පොලිසි යයි..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

‘අනුරපුර ප්‍ර‍බල ඇමතිවරයෙකුගේ ගෝලයෙක්‘ බිරියගෙන් හා නැන්දම්මාගෙන් ගුටිකන්න බැරුව පොලිසි යයි..!

සිය බිරිය සහ නැන්දම්මා දිනපතා පහර දෙන බව පවසමින් විවාහක පුද්ගලයෙක් පසුගියදා කෑගල්ල පොලීසියට පැමිණිල්ලක් පිළිබඳ පුවතක් කෑගල්ලෙන් වාර්තාවෙයි. මෙලෙස පැමිනිල්ලක් සිදුකොට ඇත්තේ කෑගල්ල වේරගොඩ ප්‍රදේශයේ පදිංචි අනුරාධපුර ප්‍රදේශයේ ප්‍ර‍බල ඇමතිවරයෙකුගේ කාර්යාලයේ සේවය කළ 35 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා මීට මාස 8කට පමණ ඉහතදී අනුරාධපුර ප්‍රදේශයේදී කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුනියක් හඳුනාගෙන විවාහ වී තරුණියගේ නිවසට පැමින කුලී වැඩ කරමින් ජීවත් වී ඇත. ඔහු මෙම තරුණියව හඳුනාගෙන තිබුණේ අනුරාධපුර ප්‍රදේශයේ ලැගුම්හලකදී බවද එම පැමිණිල්ලේ සඳහන් වෙයි. 

කෙසේ වෙතත් මෙම පුද්ගලයා කුලී වැඩ සඳහා නිවසින් බැහැරට යන අවස්තාවේදී  ඇගේ මව්පියන් විසින් ඇයව විවිධාකාර අයුරින් මුදල් උපයා ගැනීමට යොදාගන්නා බවත්, ඔවුන්ගෙන් මේ පිළිබඳව ප්‍ර‍ශ්ණ කරන්නට යෑමේදී බිරිය හා නැන්දම්මා විසින් තමාට පහර දෙන බව පවසා ඔහු මෙම පැමිණිල්ල කර තිබේ. තරුණිය සම්බන්ධයෙන් කෑගල්ල අධිකරණයේ බාල වයස්කාර නඩුවක්ද පවතින බව පොලීසිය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad