වව්නියාවෙන් කොටි ආයුධ තොගයක් හමුවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

වව්නියාවෙන් කොටි ආයුධ තොගයක් හමුවේ

වව්නියාවෙන් කොටි ආයුධ තොගයක් හමුවේ
වවුනියාව, කනගරායන්කුලම, කොල්ලරපුලියන්කුලම ප්‍රදේශයේ කැලෑවක තිබූ එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් මිලිමීටර 61 වර්ගයේ  පැරණි මෝටාර් උණ්ඩ 13 ක් පෙරේදා (3) සවස සොයාගත් බව කනගරායන්කුලම පොලිසිය පවසා ඇත.

කොල්ලරපුලියන්කුලම කැලෑවක යුද උපකරණ තොගයක් තිබී හමු වූ බවට ප‍්‍රදේශවාසීන් විසින් පොලිසිය වෙත ලබා දුන් තොරතුරකට අනුව කනගරායන් කුලම් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අදාල කැලෑ ප්‍රදේශයට ගොස් සිදු කරන ලද සෝදිසියකදී මෙම මෝටාර් බෝම්බ සොයාගෙන ඇති බව වාර්තා වේ.

මෙම යුද උපකරණ තොගය හමු ප්‍රදේශයේ යුද සමයේදී කොටි සංවිධානය විසින් රහසිගත කඳවුරක් පවත්වාගෙන ගොස් ඇති අතරම යුද හමුදා ප්‍රහාර හමුවේ පසු බසින අවස්ථාවේදී අදාල යුද උපකරණ තොගය මෙම ස්ථානයේ සඟවා පලා යන්නට ඇති බවට කනගරායන් කුලම් පොලීසිය සැක පල කරන බවද වාර්තා වේ.

කනගරායන් කුලම් පොලිසිය වැඩිදුරටත් පැවසූවේ වවුනියාව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක‍්‍රීය අංශය අදාළ ස්ථානයේ තවදුරටත් පුපුරන ද්‍රව්‍ය පවතින්නේද යන්න සම්බන්ධයෙන් ඊයේ (4) විශේෂ පරීක්ෂාවක් සිදු කිරීමට නියමිත බවටයි.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad