ද්‍රවිඩ තරුණයන් 11 අතුරුදන් කළාට හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අල්ලන්න වරෙන්තු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

ද්‍රවිඩ තරුණයන් 11 අතුරුදන් කළාට හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අල්ලන්න වරෙන්තු

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (12) නියෝග කළා 2008 වසරේදී ද්‍රවිඩ ජාතික තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ සිටී. 

නඩු විභාගය මගහැර ඔහු රෝහල් ගතවී සිටිම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ට සැකයට හේතුවූ අතර ප්‍රතිකාර කරන වෛද්‍යවරයා හමුවී විමසීමේදී රෝග තත්වයක් නැති බව ප්‍රකාශවී ඇත. ඔහු දැනට වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු රෝහලෙන් පිටවෙද්දී  ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධියේ සැකකරුවකු වන ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චිටද මෙහිදී වරෙන්තුවක් නිකුත් කර තිබේ. 

පුද්ගලයින් 11දෙනෙකු පැහැර ගෙන ගොස් කප්පම් ලබා ගෙන අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ඊයේ(11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් සැකකරු ලෙස නම් කළ නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඩී.කේ.පී. දසනායක මහතාගේ විදෙස් ගමන්ද අධිකරණය විසින් තහනම් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad