කුණු ප්‍රශ්නයෙන් මුතුරාජවෙල යළි උණුසුම් - STF ආරක්ෂාව මැද කුණු ගෙන යයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 29, 2017

කුණු ප්‍රශ්නයෙන් මුතුරාජවෙල යළි උණුසුම් - STF ආරක්ෂාව මැද කුණු ගෙන යයි (VIDEO)

ජා ඇල,දැල්තුර ප්‍රදේශයේ මුතුරාජවෙල වගුරු බිමේ පිහිටි පෞද්ගලික ඉඩමකට කොළඹ මහ නගර සභාවේ කසළ බැහැර කිරීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් ඊයේ (28) විරෝධතාවයක නිරත විය. පසුගිය අප්‍රේල් මාසයේදී ද මෙම ස්ථානයට කසල බැහැර කිරීම සඳහා ලොරි රථ පැමිණි අතර ප්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ එය නවතා දැමීමට සිදු විය.

ඊයේ (28) උදෑසන 9.30 ට පමණ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් එම ස්ථානයට පැමිණි අතර මෙහිදී කසළ බැහැර කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මුතුරාජවෙල ජනතාව පොලීසියට සිය විරෝධය පළ කර ඇති බවද වාර්තා වේ. මෙහිදී ජනතාවට කරුණු පැහැදිලි කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ කළද එය සාර්ථක වී නැත. අනතුරුව මාර්ගය හරස් කර තිබූ ගස් කඳන් ඉවත් කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.

දහවල් 1 පමණ වන විට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද එම ස්ථානයට ගෙන්වා තිබූ අතර එම අවස්ථාවේ කසළ රැගත් ලොරි රථ 20ක් පමණ එම ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ. එහිදී උණුසුම් තත්වයක්ද ඇති වී ඇති අතර කෙසේවෙතත් ජනතා විරෝධය මැද පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත් වීමෙන් අදාළ ඉඩමට කසළ බැහැර කරනු ලැබීය. කසළ රථ කුණු බැහැර කර ගිය පසුවත් එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව ද යොදා තිබූ බව වාර්තා වේ.

එම වීඩියෝව පහතින්...

No comments:

Post a Comment

Post Bottom Ad