උතුරට නව ඇමතිවරු දෙදෙනෙක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 29, 2017

උතුරට නව ඇමතිවරු දෙදෙනෙක් (PHOTOS)

උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් ඇතුළු නව අමාත්‍යවරුන් දෙදෙනෙකු අද (29)  දිවුරුම් දී ඇත. ඒ අනුව උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සී.වී.විග්නේශ්වරන් මහතා උතුරු පළාතේ මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, සංචාරක, පළාත් පාලන, පළාත් පරිපාලන, කෘෂිකර්ම හා ගොවි ජනසේවා, සත්ව පාලන, වාරිමාර්ග, ජල සම්පාදන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දී ඇත.

අනන්ති ශෂීධරන් මහත්මිය උතුරු පළාත් කාන්තා කටයුතු, පුනරුත්ථාපන, සමාජ සේවා,සමුපකාර, ආහාර සැලසුම් හා බෙදා හැරීම්, කර්මාන්ත සහ ව්‍යවසාය ප්‍රවර්ධන අමාත්‍යවරිය වශයෙන් ද පත් විය.
උතුරු පළාත් අධ්‍යාපන, ක්‍රීඩා හා යෞවන කටයුතු, සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් ආචාර්ය කන්දයියා සරවේශ්වරන් මහතාද තේරී පත්විණි. මීට සුළු මොහොතකට පෙර උතුරු පළාත් ප්‍රධාන ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.






No comments:

Post a Comment

Post Bottom Ad