වෛද්‍යවරු දිගටම වර්ජනයේ - රෝගීන් දැඩි අපහසුතාවයක (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 23, 2017

වෛද්‍යවරු දිගටම වර්ජනයේ - රෝගීන් දැඩි අපහසුතාවයක (PHOTOS)

සයිටම් ආයතනයට විරෝධය පල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළු වූ සරසවි සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන් ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
ඊයේ (22) උදෑසන 8.00 ආරම්භ කළ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  මහා සභාව යෝජනා කර ඇති බවත්  ඒ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම මධ්‍යම කාරක සභාවට පවරා ඇති බවත් වාර්තා වේ.
වර්ජනය පැවතිය ද අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කරති.කෙසේ වෙතත් දිවයිනේ බොහෝ රෝහල්වල කටයුතු අඩපන වීමෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව අප වාර්තාකරුවන් පවසති.

දික්ඔය මූලික රෝහලේ රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් දෙවන දිනටත් වැඩ වර්ජනයක නිරත වූ බව ද වාර්තා වේ. වතුකරයේ ප්‍රධාන රෝහල ක්වන දික්ඔය මූලික රෝහලේ සායන කටයුතු හා බාහිර රෝගී අංශයේ රෝගීන් නොබැලීම නිසා අද උදෑසන දික්ඔය මූලික රෝහලට ප්‍රතිකාර සහ සායන කටයුතුවලට පැමිණි රෝගීන් විශාල පිරිසක් දැඩි අසීරුතාවට පත් වී තිබුණි.

දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරයෙකු ප්‍රකාශ කර සිටියේ හදිසි අවස්ථාවල පමණක් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට කටයුතු කර ඇති බවයි.
මෙම වැඩ වර්ජනය තම වෘත්තිය සමිතියේ උපදෙස් මත ක්‍රියාත්මක කරන බව ද දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරුන් තව දුරටත් සඳහන් කළේය.

(හැටන් - රංජිත්)




No comments:

Post a Comment

Post Bottom Ad