Night Club හිමිකරුගේ Birth Day පාටිය සමරන්න සිරකරුවන් 17 ක් දඩ ගෙවා එළියට අරන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 26, 2017

Night Club හිමිකරුගේ Birth Day පාටිය සමරන්න සිරකරුවන් 17 ක් දඩ ගෙවා එළියට අරන්

රාත්‍රී සමාජ ශාලා හිමිකරුවකුගේ උපන් දිනයක් වෙනුවෙන් සිරකරුවන් 17 දෙනෙක් දඩ මුදල් ගෙවා නිදහස් කරගෙනිමේ සිද්දියක් වැලිකඩ බන්දනාගාරයෙන් වාර්තා වේ. මේ සඳහා ගෙවා ඇති දඩ මුදල රුපියල් ලක්ෂ 2 කට අඩික බවද පැවැසේ. මත් කුඩු චෝදනා මත දඩ නියම වී ඇති මෙම දා හත් දෙනා දඩ ගෙවා ගත නොහැකිව සිර ගත වී ඇත්තේ ඉකුත් විසි වනදායී.

රාත්‍රී සමාජ ශාලා හිමිකරුවා විසින් බන්ධනාගාර නිලධාරීන්ගෙන් කරන ලද වාචික ඉල්ලීමකට අනුව මෙම අවස්ථාව ලබා දී ඇතැයි ද දැනගන්නට තිබේ. නිදහස ලැබීමෙන් අනතුරුව එම සැකකරුවන් සමග අදාල පුද්ගලයා බන්ධනාගාරය ඉදිරිපිට ඡායා රූපයකට පෙනී සිටීමට ද කළ උත්සහයක් සෙසි නිලධානීර් විසින් වළක්වා ඇතැයි ද කියවේ.


මේ පිළිබඳ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාගෙන් කරන ලද විමසීමකදී ඒ මහතා කියා සිටියේ කිසිවෙකු හෝ මේ පිළිබඳව ලිඛිතව ඉල්ලීමක් කළ හොත් ඊට අවස්ථාවක් ලබා දෙන බවයි. එහිදී අදාල සිරකරුවාගේ කැමැත්ත තිබිය යුතු බව ද කෙසේ වෙතත් මේ පිළිබඳව වැඩිදුරටත් සොයා බලන බව ද පැවසීය.

(උපුටාගැනීම - ලංකාදීප
සටහන - ජයන්ත සමරකෝන්)

No comments:

Post a Comment

Post Bottom Ad