ඉන්දියාව වැනසූ Fakhar Zaman ගැන නොදන්නා කතාවක එළියට එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

ඉන්දියාව වැනසූ Fakhar Zaman ගැන නොදන්නා කතාවක එළියට එයි

ඊයේ දවසේ වගේම අද දවසෙත් ක්‍රිකට් ලෝලීන් හැමකෙනෙක්ගේම කතාව වුනේ ශූරයන්ගේ කුසලානය විස්තර ගැනයි. ඒකට හේතුව පකිස්ථානයේ සුපිරි ජයග්‍රහණයයි. මේ ජයග්‍රහණයට වැඩි දායකත්වයක් ලබාදුන් Fakhar Zaman ගැන කවුරුත් නොදන්නා කතාවක් ඉන්දීය වෙබ් අඩවියක් හෙළිදරව් කරලා තියෙනවා.

Fakhar Zaman කියන්නේ පකිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වගේම පකිස්ථාන නාවික හමුදාවේ හිටපු සාමාජිකයෙක්. 1990 වසරේ උපත ලැබූ Fakhar Zaman 2007 වසරේ පාකිස්ථාන නාවික හමුදාවට එක්වුණා. එහිදී Fakhar Zaman නාවිකා හමුදා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළා. දැක්වූ දක්ෂතා හදුනාගත්ත Fakhar Zamanගේ පුහුණුකරු ඔහුට ජාත්‍යන්තරයට යාහැකි පාර කියා දුන්නා.

එහි නියම ප්‍රතිඵලයක් ලබාගැනීම වෙනුවෙන් Fakhar Zaman 2013 වසරේදී පාකිස්තාන නාවික හමුදාවෙන් ඉවත් වෙනු ලැබුවා. අවසානයේ Fakhar Zaman ඊයේ දිනයේ ඉන්දියාවට එරෙහිව ප්‍රථම එක්දින ශතකය වාර්තා කරමින් පාකිස්ථානයට ජයග්‍රහණය ගෙන දුන්නා.





No comments:

Post a Comment

Post Bottom Ad