බිරිඳ සහ දරුවා ඉදිරිපිට මහපාරේ වෙඩිතියන – මට්ටක්කුලිය පාතාල ගැටුමේ CCTV දර්ශණ (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 6, 2017

බිරිඳ සහ දරුවා ඉදිරිපිට මහපාරේ වෙඩිතියන – මට්ටක්කුලිය පාතාල ගැටුමේ CCTV දර්ශණ (VIDEO)

පසුගිය කාලය පුරා හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් කොළඹ පාතාල කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස “කුඩු රොෂාන්ගේ” සමීපතම ගෝලයකු වූ ගයාන් ජීවන්ත නොහොත් “ඉසුරු” නමැත්තා මට්ටක්කුලිය, ජුබිලි මාවතේදී ඊයේ (05දා) වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඔහු ත්‍රී රෝද රථයකින් සිය බිරිඳ හා දරුවා සමඟින් ගමන් කරන අතර නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු විසින් මේ වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ බවයි පොලිසිය පවසන්නේ.

ඔවුන් ටී 56 වර්ගයේ ගිනි අවියක් ආධාරයෙන් වෙඩි ප්‍රහාරය එල්ල කොට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර සිද්ධිය අසල තිබූ CCTV කැමරාවකට සටහන් තිබෙනවා. වෙඩි ප්‍රහාරයට ලක්වූ “ඉසුරු” නමැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ සිටි ඔහුගේ බිරිය සහ දරුවාට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බවද පොලිසිය සඳහන් කරයි.

මේ වෙඩි ප්‍රහාරය ඝාතනයට ලක්වූ පාතාල නායක “චූටි උක්කුං”ගේ කලිලියක් විසින් සිදුකර ඇති බවටද පොලිසියට තොරුතුරු ලැබී තිබේ. “චූටි උක්කුං” ඇතුළු පස්දෙනකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී “කුඩු රොෂාන්” නමැත්තාගේ කල්ලිය විසින් වෙඩි තබා ඝාතනය කළ අතර කුඩු රොෂාන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

මේ සිද්ධිය වූ අවස්ථාවේ CCTV වීඩියෝවයි. (සංවේදී අය නැරඹීමෙන් වළකින්න)



No comments:

Post a Comment

Post Bottom Ad