සම්බන්ධන්ගේ තීරණය ලිඛිතව දුන්නේ නෑ - රෙජිනෝල්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

සම්බන්ධන්ගේ තීරණය ලිඛිතව දුන්නේ නෑ - රෙජිනෝල්ඩ්

සම්බන්ධන්ගේ තීරණය ලිඛිතව දුන්නේ නෑ - රෙජිනෝල්ඩ්
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා ගනු ලැබූ තීරණ මෙතෙක් ලිඛිතව තමන්ට දැනුම් දී නොමැති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් සම්බන්ධන් මහතා දුරකතනයෙන් දැනුම් දීමක් සිදු කර තිබුණද, ලිඛිතව මේ වන තෙක් දැනුම් දී නොමැති බව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව පසුගියදා පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකු විසින් පලාත් ආණ්ඩුකාරවරයාට විශ්වාසංභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.

කෙසේවෙතත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාට එරෙහිව විශ්වාසභංගය ඉල්ලා අස් කර ගන්නා බවට දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා විසින් ඊයේ (19) උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා වෙත ලිපියක් මඟින් දැනුම් දී ඇත. යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමන් හා යාපන ප්‍රධාන හින්දු පූජක ශ්‍රී ශ්‍රී සෝමසුන්දරම් පුජකතුමන්ගේ මැදිහත් වීම මත මෙම අර්බුදය විසදුමකට ගෙන ඒමට හැකි වූ බව සම්බන්ධන් මහතා එහිදී සඳහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad