“පිළියන්දල වෙඩි තැබීමේ පරීක්ෂණ නතර කරපන් ” – ඩුබායි වල සිටින පාතාල නායකයෙක්ගෙන් තර්ජන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

“පිළියන්දල වෙඩි තැබීමේ පරීක්ෂණ නතර කරපන් ” – ඩුබායි වල සිටින පාතාල නායකයෙක්ගෙන් තර්ජන

පසුගියදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඝාතනය කිරීමේ අරමුණින් පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට පාතාල ප්‍රහාරයක් එල්ලවුණා.

මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ නවත්වන ලෙස මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාට  ඩුබායිහි සැඟවී සිටින මාකඳුරේ මධූෂ් දුරකතනය ඔස්සේ මරණීය තර්ජන සිදු කර ඇති බවට වාර්තා වනවා. මෙම ස්ථානාධිපතිවරයාට මුලින්ම මධූෂ් කියා ඇත්තේ ඔහු දොස්නගා ඇත්තේ රංගජීව ඝාතන කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ වලට අදාළව සැකකරුවන්ගේ නිවෙස්වලට ගොස් ගැහැනුන් සහ දරුවන් බිය නොගන්වන ලෙසයි. 

එමෙන්ම පිළියන්දල ප්‍රහාරය ගැන කෙරෙන පරීක්ෂණවලින් ඈත් වන ලෙසද  එසේ නොවුණොත් කරදරවලට ලක්වීමට සිදුවනු ඇති බවටද තර්ජනාත්මකව සඳහන් කර ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කරනවා. පිළියන්දලදී රංගජිව ඇතුලු පිරිසට වෙඩි තැබුවේ යැයි පොලිසිය මේ වනවිට හඳුනාගෙන සිටින්නේ අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අසිත නොයෙල් කුමාර නොහොත් ආමි අසිතයි. මාකඳුරේ මධූෂ්ගේ කොන්ත්‍රාත්තුවකට අනුව එදා පිළියන්දල ප්‍රහාරයට සම්බන්ධ වූ ඔහු මේ වනවිට සිටින්නේ තලේමන්නාරමෙන් බෝට්ටුවක නැගී ඉන්දියාවට පලාගොසින්.

අසිතට එසේ පළා යාමට ආධාර සහ අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට බිරිය සහ දරුවන් පොලිසිය අත්අඩංගුවට ගැනුණා. මධූෂ්ගේ මාකඳුරේ පිහිටි නිවසටද පොලිසිය කිහිපවරක්ම ගොස් පරීක්ෂා කර ඇති අතර පොලිසිය සමඟ උරණ වී පරීක්ෂණ ප්‍රධානියාට තර්ජනය කර ඇත්තේ ඉන් අනතුරුව බවත් පොලිස් ආරංචිමාර්ග අනාවරණය කර තිබෙනවා. 

රෝමිං පහසුකම් සහිත මෙරට දුරකතන සමාගමකින් නිකුත්කල පෙරගෙවුම් දුරකතන සිම් කාඩ්පතක් භාවිතා කරමින් මධූෂ් ඩුබායි සිට පොලිස් ස්ථානාධිපතිවරයාට කතා කර තිබෙනවා . එම සිම්පත මියගිය පුද්ගලයෙකු ගේ නමකින් මිලදී ගත් බවයි හෙළිව තිබෙන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad