කබීර් - යාපා අවුල: ඇමැති යාපා ගෙදර සිට වැඩ අරඹන්න සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

කබීර් - යාපා අවුල: ඇමැති යාපා ගෙදර සිට වැඩ අරඹන්න සූදානම්

අමාත්‍යාංශය තුළ තමාට ඉඩ නොමැතිනම් නිවසේ සිට හෝ රාජකාරි කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. ගංවතුර ප්‍රශ්නය අවසන් වූ වහාම තමා වැඩ බාර ගන්නා බවත් අදාල අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමැතිවරයා භාවිතා කළ දේවල් තමාට ලබා දිය යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

අමාත්‍යංශයට ගිය ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාගේ නිලධාරීන් සඳහන් ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාට අයත් ස්ථානයෙන් කොටසක් එහා පැත්තට ගෙන ඇති බවයි. ඒ හේතුවෙන් තමගේ කාර්ය මණ්ඩලයට ඉඩ පහසුකම් අඩුවක් වී ඇති බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසී ය. 

කෙසේ වෙතත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස අලුතින් පත්ව සිටින ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතාට දැනට ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ පිහිටි රාජ්‍ය ව්‍යවසාය අමත්‍යාංශයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවනු ඇතැයි එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මීට හේතු වී ඇත්තේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන විෂය සඳහා අලුතින් රාජ්‍ය ඇමැතිවරයකු පත්කළ විට වෙනම අමාත්‍යාංශ ලේකම්වරයකු සහ ඒ යටතේ අවම වශයෙන් රාජ්‍ය නිලධාරීන් 20 දෙනකුගෙන් යුත් පරිපාලන කාර්ය මණ්‌ඩලයක්‌ ඊට ඇතුළත්වීමයි. එරාන් වික්‍රමරත්න මහතා කලින් සිටියේ එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස බැවින් එවැනි ඉඩකඩ ප්‍රශ්නයක්‌ මතු නොවූ බවත් වාර්තා වේ. 

මේ නිසා රාජ්‍ය අමාත්‍යාංශ ස්‌ථාපිත කිරීමට රාජ්‍ය ව්‍යවසාය කැබිනට්‌ අමාත්‍යාංශය පරිශ්‍රය තුළ ඇති ඉඩකඩ ප්‍රමාණවත් නොවීමේ ගැටලුව බලපා ඇති බව ද අමාත්‍යවරයා පෞද්ගලික කාර්ය මණ්‌ඩලයට ද ඉඩකඩ සලසා දිය යුතුව තිබෙන බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad