“පරණ කෝට් ” ජනාධිපති ගැන බිරිඳගෙන් හෙළිදරව්වක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

“පරණ කෝට් ” ජනාධිපති ගැන බිරිඳගෙන් හෙළිදරව්වක්

ඇමරිකාවේ ජනපති ආර්යාවෝ අඳින ඇඳුම්වලට ලොකු අවධානයක් මාධ්‍ය විසින් යොමු කරනවනේ. හැබැයි ජනාධිපතිගේ ඇඳුම්වලට එච්චර මාධ්‍ය අවධානයක් යොමු වෙනවද? උත්තරේ නෑ කියන එකයි. මෙන්න ඒ ගැන නියම සාක්ෂියක්. මේ කතාව කියන්නේ ඇමරිකාවේ හිටපු ජනපති ආර්යාව. හිටපු ජනාධිපති බරක් ඔබාමා බලයේ සිටි අවුරුදු අටක කාලය පුරා රාත්‍රි භෝජන සංග්‍රහ සඳහා අඳින ලද්දේ එකම උඩ කබායක්( tuxedo) බව  මිෂෙල් ඔබාමා හෙළි කරනවා.

ඇමෙරිකානු ජනාධිපතිවරයා හැටියට කටයුතු කළ නිල කාල පරිච්ඡේද දෙක තුළ සියලු නිල උත්සව සඳහා සැරසුණ එම උඩු කබායට තම ඔබාමා ඉතාමත් ආශා කළා කියලත් මිචෙල් කියනවා. ජනාධිපති ඔබාමා 1960 දශකයේ මුල් භාගයේ බලයේ සිටි ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගෙන් පසු ඉතා පිළිවෙළට අඳින ලද ජනාධිපතිවරයා ලෙසද සැලකෙනවා.

“බලන්න!  ඔබ මහජනයාගේ අවධානයට යොමු කරවීම වෙනුවෙන්  මම අඳින සපත්තු, මාල සහ වළලු ආදියේ පින්තූර ගන්නවා. ඒත් මගේ ස්වාමි පුරුෂයා අවුරුදු අටක්ම ඇන්ඳ සපත්තු දෙක සහ කෝට් එක. ඒක ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ” මිෂෙල් ඔබාමා මාධ්‍ය හමුවේ කියා සිටියා.

 

No comments:

Post a Comment

Post Bottom Ad