බෙන් ස්ටොක්ස් හදිසියේ ටොයිලට් හොයලා – මේක පරදින්නත් හේතුවක්ලු !

එංගලන්තය සහ පකිස්තානය අතර ඊයේ තිබුණු තරඟයෙන් ජයගෙන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්න පකිස්තානයට හැකි වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන්නේ එංගලන්ත කණ්ඩායම. 34 වන පන්දුවාරයේදී සිසිල් පැන් පානය සඳහා පොඩි වෙලාවකට තරඟය නැවැත්තුවා. 

ඒ සඳහා තරඟය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටියේ බට්ලර් සහ බෙන් ස්ටොක්ස්. මේ වෙලාවේදී බෙන් ස්ටොක්ස් මුකුත්ම පානය කරන්නේ නැතුව හතරේ සීමාවට දුවගෙන යනවා. මෙහෙම දුවන් ගිය ඔහු ක්‍රීඩාංගනයේ සිටින සේවකයෙකුගෙන් අහනවා ටොයිලට් එකක් තියෙන්නේ කොහෙද කියලා. මොකද ඒ තරමට ඔහුට ලොකු අපහසුවක් ඇතිවෙලා. 

කොහොම හරි එතැන හිටිය සේවකයන් දෙන්නා එක එක තැන් පෙන්නපු නිසා ස්ටොක්ස් අන්තිමට තීරණය කළා ඔවුන් සිටින විවේකාගාරයටම යන්න. මේ වෙලාවේදී නිවේදකයා මේ ගැන කියලා බෙන් ස්ටොක්ස් පොඩ්ඩක් චාටර් කළා.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment