යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටේ - තරුණයන් සිව්දෙනෙකුට බරපතලයි

යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේදී ඊයේ (13) යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණයන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව චාවකච්චේරිය පොලීසිය සඳහන් කළේය.

චාවකච්චේරිය තනංකිලප්පු ප්‍රදේශයේ පිහිටි මංසන්ධියේදී මෙම අනතුර සිදු වී ඇති අතර එම තරුණයන් සිව්දෙනා යාපනය වඩුක්කොට්ටෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. අනතුරින් තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙකු චාවකච්චේරිය රෝහලටත් අනෙක් තරුණයන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලටත් යවා ඇති බව පොලීසිය තවදුරටත් කියා සිටියේය.

(වන්නි රොමේෂ්)


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment