ශල්‍යාගාරයට ගෙන ගිය රෝගියා සිව්මහල් ගොඩනැගිල්ලෙන් බිමට පනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

ශල්‍යාගාරයට ගෙන ගිය රෝගියා සිව්මහල් ගොඩනැගිල්ලෙන් බිමට පනී

මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු වාට්ටුවේ සිට පරීක්ෂණයක් සඳහා ශල්‍යාගාරය වෙත රැගෙන ගොස් සිටියදී අද (14) පෙරවරු 8.30ට පමණ රෝහල් ගොඩනැගිල්ලෙන් පහළට පැන සියදිවි නසා ගෙන ඇත.

මහනුවර මහ රෝහලේ 23වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි හැටනවය හැවිරිදි රෝගියෙකු උගුර,කන හා නාසය සම්බන්ධ ශල්‍යාගාරය වෙත රැගෙන යමින් සිටියදී රෝහලේ මහල් හතරකින් යුත් ගොඩනැගිල්ලේ සිව්වන මහලින් පැන සියදිවි නසාගෙන තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවකුවන අතර මහනුවර මුලස්ථාන පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ  පවත්වයි.

(මහනුවර - කමල් සුරවීර)

No comments:

Post a Comment

Post Bottom Ad