මං රූපරැජිණ වුණයි කිව්වේ නෑ - වෙබ් අඩවි මට මඩ ගැහුවා - ඕෂධී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 13, 2017

මං රූපරැජිණ වුණයි කිව්වේ නෑ - වෙබ් අඩවි මට මඩ ගැහුවා - ඕෂධී

ඕෂධී පහුගිය දවස්වල රූ රැජින තරගයකට සහභාගි වෙලා ජයග‍්‍රහණයකුත් ගත්තා කියලා ආරංචියි?
ඔව් ලැටි‍්‍රියාවේ පැවැත්වුණු  MRS. TOP OF THE WORLD 2017 තරගයේ පීපල්ස් චොයිස් කිරුළ හිමි වුණේ මටයි.



තරගාවලියේ එක් අනු තරග කොට්ඨාසයක ජයක්ද හිමිවුණේ?
නෑ මේක මිනි ටයිටල් එකක් නෙමෙයි මිනි ටයිටල් එකකුත් ලැබුණා. මිස් ටැලන්ට් සහ නැෂනල් කොස්ටියුම්වලින් වැඩිම ලකුණු තිබුණෙත් මට. පීපල්ස් චොයිස් කිරුළ කියන්නේ එ් තරගාවලියේ ලබාදෙන ප‍්‍රධාන කිරුළු දෙකින් එකක්. එ්ක දෙවනි වෙන්නේ මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඞ් කිරුළට විතරයි.


කිරුළු දෙකේ වෙනස මොකක්ද?
පීපල්ස් චොයිස් කිරුළ හිමිවෙන්නේ මුළු ලෝකයේම කැමැත්ත මත ඒක මනාප ක‍්‍රමයකින් ලැබෙන ජයග‍්‍රහණයක්. මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඞ් කිරුළ හිමිවෙන්නේ විනිසුරු මණ්ඩලයේ පස්දෙනෙකුගේ තීරණය මතයි.

මනාප කිව්වෙ ඒකත් එස්.එම්.එස්. මත විමසුමක්ද?
නෑ ඒකෙ බොහොම විනිවිදභාවයක් තියනවා. ෆේස්බුක් සහ  pay pal ගිණුම්වලින් තමයි මනාප දෙන්න පුළුවන්. pay pal ගිණුම්වලින් මනාප දෙනවිට පොඩි මුදලක් වැය වෙනවා ඒත් එක ගිණුමකින් ලබාදෙන්න පුළුවන් එක මනාපයයි. ඒ මනාපයකට ලකුණු 10ක් ලැබෙනවා. FB එකේ එක Like එකකට එක ලකුණක්  ලැබෙනවා Share කළොත් ලකුණු 2ක් ලැබෙනවා  ඕනෑම කෙනෙක්ට ඒ අයගේ නිල වෙබ් එකට, පේජ් එකට ගියාම තමන්ට හිමි මනාප ගාන බලාගන්න පුළුවන්.

ඕෂධීට මනාප කීයක් ලැබිලා තිබුණද? 
13000ක් ලැබිලා තිබුණා.

ඒවා ඔක්කොම ලැබුණේ ලංකාවේ ඕෂධීගේ රසිකයන්ගෙන්ද?
75%ක් ලංකාවේ අයගෙන් විදෙස් රටවලිනුත් ලැබිලා තිබුණා. මොකද මේක ලෝකයටම විවෘත වුණු තරගයක්.

මනාප ලබාගන්න නම් දැනුවත් කිරීමක් කරන්න  ඕනෑනේ?

මම තරගයට යන්න කලින්ම මාධ්‍ය මගින් දැනුවත් කිරීමක් කළා. ඒ වගේම fb page එක හරහා up dates දුන්නා මගේ රසික රසිකාවියන්ව මම දැනුවත් කළේ ඒ විදියට තරගයේ සංවිධායකයනුත් ඒ දැනුවත් කිරීම් කළා.

තරගයේ කිරුළ හිමිවුණේ බෙල්ජියමේ මොනිකාට’ කිරුළ ගන්න ඕෂධීට නැති මොනිකාට තිබුණු සුදුසුකම මොකක්ද?
ඒක නම් මම දන්නෙ නෑ. මම බයේ හිටියේ මිසිස් රෂියාට මොකද මිසිස් රෂියා හරි උසයි. මේ වගේ තරගයකදී උසත් බලනවානේ.


මොනවගේ රටවල්ද තරගයට සහභාගි වුණේ?
රුසියාව, සිංගප්පූරුව, බෙල්ජියම, ඉන්දියාව, නෙදර්ලන්තය වගේ ලෝකයේ බොහෝ රටවල් නියෝජනය වුණා. ඇමෙරිකාව නම් සහභාගි වුණේ නෑ. කොහොමහරි අවසන් තරගයට රටවල් 20ක් තෝරාගෙන හිටියා.

ඕෂධීට කිරුළ ලැබීමත් එක්ක ඔබ අන්තර්ජාලයට මුදාහැරිය වීඩියෝව හේතුකරගෙන  සමහර වෙබ් අඩවි  ඕෂධීගේ ජයග‍්‍රහණය අවතක්සේරු කළා සමහරු ඔබ බොරුකාරියක් කියලත් කියලා තිබුණා. මූණු පොත හරහාත් මේ පුවත පැතිරුණා?
ඔව් මම දැක්කා කිසිම වගකීමක් නැති  ඕපදූප වෙබ් අඩවි එහෙම කරලා තිබුණා. ඒ අය මගේ වීඩියෝවවත් හරියට බලන්නේ නැතුවයි එහෙම කරලා තියෙන්නේ මම ඒ වීඩියෝවේ පැහැදිලිවම මට ලැබිච්ච කිරුළ ගැන කියලා තියනවා මට මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඞ් කිරුළ ලැබුණා කියලා කොතනකවත් කියලා නෑ. ඒ වෙබ් අඩවි පළකරපු පුවතට ශීර්ෂ පාඨ දාලා FB එකේ ෂෙයා කරපු අයත් මම දැක්කා.

මේවා දැක්කහම මොනවද හිතුණේ?
දුක නොහිතුණා කිව්වොත් බොරුවක් මොනවා වුණත් මම මගේ රටට ගෙනාවේ කීර්තියක්. ඒත් සමහර කුහකයෝ මොනවා කළත් දකින්නේ වැරැුද්දක්නේ. තරගාවලිය අතරතුර සමහර අය මගේ රූපය ගැන අපහාස කරලා comment කරලා තිබුණා. ඒවා දැකලා සංවිධායක මණ්ඩලය මගෙන් ඇහුවා ඇයි ඔයාගේ රටේ මිනිස්සු මෙහෙම කරන්නේ කියලා. අන්තිමට මම මට අපහාස කරපු රූපයෙන්ම ජයගත්තා. කීපදෙනෙක් ඒ වගේ හැසිරුණාට බහුතරයක් මාව ධෛර්යමත් කළා. කොහොම වුණත් වෙබ් අඩවිවලින් මට අපහාස කරපු අයට විරුද්ධව මම නීතියෙන් කටයුතු කරනවා.

හිමේෂා සවන්තී රාජපක්ෂ (ලක්බිම)


No comments:

Post a Comment

Post Bottom Ad