මෙලනියා අවසානයේ දරුවා සමග ධවල මන්දිරයට පැමිණෙයි


අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා සහ පුත්
බැරන් ට්‍රම්ප් ජනපති ධූරයට පත්වන අවස්තාවේ ධවල මන්දිරයට නොපැමිණියේ බැරන් පුතුගේ අධ්‍යාපන කටයුතු අධ්‍යයන වර්ෂාවසානය දක්වා නිව්ෙයාර්ක් නුවර සිටිය යුතු නිසාය. 

එය දැන් අවසන්ව ඇති නිසා වොෂින්ටනයේ ධවල මන්දිරයේ පදිංචියට ඔවුන් පැමිණ ඇති බව වාර්තාවේ. ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වී මාස පහකට පසු පැමිණි මෙලනියා නව වාසස්ථානය පිළිබඳව ඉතා සතුටින් සිටින බව  ට්විටර් සමාජ ජාලයට නිකුත් කර ඇති ඡායාරූපයකින් දක්වා ඇත. මෙලනියාගේ දෙමාපියන්ද ඇය සමග නිවසට පැමිණ තිබේ.







Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment