මෙරට ඉතිහාසයේ රජයේ සේවකයකු විසින් ලබාගන්නා ඉහළම පඩිය ලබාගන්නේ සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරියකු බව වාර්තා වේ. විද්‍යා උපාධියක් සහිත මෙම ඉහල නිලධාරියා මාසිකව ලබන වැටුප රුපියල් ලක්ෂ 04කට ආසන්නය.
එහිදී ඔහු විසින් කල් ඉකුත්වූ ගුවන් මෙහෙයුම් නිලධාරී බලපත්‍රයකට ලබාගන්නා විශේෂ දීමනාව රුපියල් ලක්ෂ 03කි. යාවත්කාලීන වූ මෙවැනි බලපත්‍රයක හිමිකරුවකු වසර 05ක් සම්පූර්ණ කළ විට ශ්‍රී ලංකන් ගුවන්සේවයෙන් ලබාදෙන දීමනාව රු. 35,000කි. වසර 05ක් දක්වා ලබාදෙන්නේ රු.5000කි.
ඔහු විසින් හිඟමුදලක් යයි පවසමින් පසුගිය මැයි මාසයේ ලබාගත් මුදල පමණක් රුපියල් ලක්ෂ 21කි. ගුවන්සේවා අධිකාරියේ සියලු නිලධාරී දායකත්වයෙන් වාර්ෂිකව මිලියන 871ක ශුද්ධ ලාභයක් උපයා දුන්නද ඉන් සුර සැප විඳින්නේ ඉහළ පරිපාලනයේ නිලධාරීන් කිහිපදෙනකු බව අධිකාරී සේවකයින් පවසයි. ඒ තියා ගුවන්සේවා අධිකාරී ගොඩනැගිල්ලද කුලී පදනම යටතේ ලබා ගත් එකක් වීමද විශේෂත්වයකි.
– උපුල්
Friday, June 16, 2017
මෙරට රජයේ සේවකයකු ලබන වැඩිම පඩිය කාටද.. පඩි පත මෙන්න..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment