දෙහිවල සතුන්වත්තේ ඩෙංගු තවාන් - සේවකයින් දෙදෙනකු අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

දෙහිවල සතුන්වත්තේ ඩෙංගු තවාන් - සේවකයින් දෙදෙනකු අත්අඩංගුවට

දෙහිවල සතුන් වත්තේ ස්‌ථාන කිහිපයකම ඩෙංගු මදුරු කීටයන් සිටින බවට දෙහිවල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ. මීට පෙර අවස්‌ථා කිහිපයකදීද දෙහිවල සතුන් වත්තෙන් ඩෙංගු මදුරු කීටයන් සොයාගෙන ඇත.

මදුරුවන් බෝවන ස්‌ථාන විනාශ කිරීමට එම පාලන අධිකාරිය නිසි ක්‍රියා මාර්ග නොගැනීම නිසා මින් මැඳුරේ සේවිකාවකට සහ සේවකයින් දෙදෙනකුට ඩෙංගු රෝගය වැළඳී ඇතැයි වාර්තා වේ. ඒ අනුව දෙහිවල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ විසින් කරන ලද පරීක්‍ෂාවකදී සතුන් වත්තේ දිවියන් සඳහා වෙන්කර ඇති ප්‍රදේශයේ ජල පොකුණක සහ තවත් ස්‌ථාන දෙකක සිටි මදුරු කීටයන් සොයා ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් සතුන් වත්තේ සේවකයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ට එහිදී දඩ මුදල් නියම වී ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad