හෙට රාත්‍රියේ සිට කාලගුණයේ යළි වෙනසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 22, 2017

හෙට රාත්‍රියේ සිට කාලගුණයේ යළි වෙනසක්

හෙට (23) රාත්‍රියේ සිට දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද දිනයේ බස්නාහිර,සබරගමු,මධ්‍යම හා වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලද වැසි ඇති විය හැකි බවයි.

ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි බවත් විශේෂයෙන් කොළඹ රත්නපුර,කෑගල්ල සහ කළුතර දිස්ත්‍රික්ක වලට එලෙස වැසි ඇති විය හැකි බව අද (22) නිකුත් කළ නිවේදනයේ දැක්වේ. වැසි ඇතිවන අවස්ථාවලදී තරමක තද සුළං ද ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී 30-40 පමණ වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


එමෙන්ම පස්වරු දෙකෙන් පසුව ඌව පළාතේ මෙන්ම මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්වල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළේය. දිවයින පුරා නව වර්ෂාපතන මාන 200ක් පමණ ස්ථාපිත කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේ මෙම වර්ෂාපතන මාන මඟින් සෑම විනාඩි දහයකට වරක්ම දත්ත ලබාගැනීමේ හැකියාව පවතින බවයි. මෙමගින් අධික වර්ෂාවක් ඇතිවන්නේ නම් ඒ පිළිබඳව අනාවැකි පළ කිරීමේ හැකියාව පවතින බව ද ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad