ගාල්ලේ සයිටම් උද්ඝෝෂණය උණුසුම් වේ - බුද්ධි අංශ නිලධාරීන්ටත් පහර දීමක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 22, 2017

ගාල්ලේ සයිටම් උද්ඝෝෂණය උණුසුම් වේ - බුද්ධි අංශ නිලධාරීන්ටත් පහර දීමක් (PHOTOS)

සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදි පැවති විරෝධතාවයේ දි විශ්ව විද්‍යාල සිසුන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයට හා හොර සයිටම් උපාධි කඩයට විරෝධය දක්වා අද (22) දහවල් ගාල්ල නගරයට එක් වු විශ්වවිද්‍යාල සිසුන් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගය හරස් කරමින් ටයර් පුළුස්සමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක නිරතවුහ.

ගාල්ල සමුද්‍ර මාවතේ සිට පාගමනින් පැමිණි විශ්ව විද්‍යාල සිසුන් ගාල්ල බස් නැවතුම් පොළ ඉදිරියට පැමිණි විරෝධතාවය ආරම්භ කර ටික වෙලාවකට පසු ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගය ද හරස් කර විරෝධතාකරුවන් ජනාධිපතිවරයාගේ රුවට සමාන සැදු රුවක් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරතවුහ.

පසුව විරෝධතා කරුවන් මාර්ගයේ ටයර් පුළුස්සමින් දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කළහ. මේ නිසා ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් ද ඇතිවිය. පසුව පොලිසිය මැදිහත්වි ඉතා අපහසුවෙන් මාර්ගයේ එක් කොටසක් විවෘත කොට රථ වාහන ගමන් කිරිමට ඉඩ සල්ස්වනු ලැබිය. “අධ්‍යාපන අයිතින් ඉල්ලා සටන් කළ සිසුන්ට එල්ල කළ ප්‍රහාරය හෙලා දකිමු. 

සයිටම් කුණු කන්ද රැක ගැනිම සදහා රජය විසින් අප දරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය තරයේ හෙලා දකිමු. සෞඛ්‍ය ඇමති වහා ඉල්ලා අස්වෙනු, සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු” ආදි සටන් පාඨ කියමින් විරෝධතාකරුවන් මෙම විරෝධතාවයට එක්ව සිටියහ. පොලිස් නිලධාරින් හා විරෝධතා කරුවන් අතර ද මෙහිදි උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය. පසුව එය ගැටමක් දක්වා දුරදිග ගිය අතර පොලිස් බුද්ධි අංශයේ නිලධාරින්ද මෙහිදි පහරකැමට ලක්වුහ. 

පසුව පොලිස් නිලධාරින්ද මාර්ගයේ විවෘත කිරිමට යාමේ දි විරෝධතකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ලකරණු ලැබිය. පැය දෙකකට ආසන්න කාලයක් විරෝධතාවයේ  නිරතව සිටි විරෝධතාකරුවන් පසුව එම ස්ථානයේ රැස්විමක්ද පවත්වනු ලැබිය.

(ගාල්ල - ලලිත් චාමින්ද)


No comments:

Post a Comment

Post Bottom Ad